IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හිටපු විදේශ ඇමතිවරු වැඩට බසිති

( තිළිණි ද සිල්වා )


රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.


ඒ අනුව විදේශ කටයුතු නව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ රජයේ සිටින හිටපු විදේශ කටයුතු අමාත්‍යවරුන් මේ වන විටත් තනි තනි වශයෙන් විදෙස් තානාපතවරුන් හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.


මේ අතර විදේශ කටයුතු නව අමාත්‍යවරයා   සාර්ක් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුලූ ඔහුගේ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.


අමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.


එම සාකච්ඡාව සඳහා ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල වල තානාපති නියෝජිතයින් සහභාගී වී තිබේ.


නව විදේශ කටයුතු අමාතශාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.
 

 



අදහස් (5)

හිටපු විදේශ ඇමතිවරු වැඩට බසිති

daham Thursday, 01 November 2018 07:18 AM

කිසිම විදේශ රටක නායකයෙක් සතියක් ගතවෙලත් මෙතෙක් අගමැති මහින්ද රාජපක්ෂට සුබ ප්‍රාර්ථනා කර නැත්තේ කුමක් නිසාද?

:       0       0

Perera Thursday, 01 November 2018 07:59 AM

දැන් හැකි හැම දෙයක්ම කරනවා ජරා වැඩේ වහගන්න!!!

:       381       476

ravi Thursday, 01 November 2018 09:12 AM

හොඳටම බයවෙලා වගේ

:       1       181

Hafeel Thursday, 01 November 2018 10:37 AM

කෝ බටහිර සහ ඇමරිකානු කැනඩා තානාපතිවරු නැද්ද?

:       0       0

chathuri Thursday, 01 November 2018 10:42 AM

ධනවාදී රටවල් පටන් ගැන්මේ. ම කිව්වා කූඨ ක්‍රියාව එරෙහිව පාර්ලිමේන්තුව. කැදවන්න කියල ඇහුවේ නැහැ. බලමු මොකද? වෙන්නේ. කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site