(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
තුවාල ලද ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් වරයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් සඳහා තලංගම පැලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
උපන්දින සාදයට ගොස් මත්පැන් පානය කර නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණයන් පස් දෙනාගේන් අයෙකුට
වමනය යාම සඳහා මෝටර් රථය නතර කළ අවස්ථාවේදී එහි සිටි තරුණයකු ඒ අසල නවතා තිබූ ඇමති ආරක්ෂක ජීප් රථයට අතින් තට්ටු කර ඇති අතර එම අවස්ථාවේදී ජීප් රථයේ සිටි සැරයන්වරයා සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇතැයි පොලීසිය කියයි.
සැරයන්වරයා ට පහර දුන් පිරිසෙන් දෙදෙනකු එම අවස්ථාවේදී සෙසු ඇමති ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තලංගම පොලිසියට භාරදී තිබූ අතර පලාගිය පිරිස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ගත් සැකකාර තරුණයන් බත්තරමුල්ල කොස්වත්ත මරදාන ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි 25 පසුවන්නන් බව පොලිසිය කියයි.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පාට් දැමූ 5 ක් අත්අඩංගුවට