(මනෝප‍්‍රිය ගුණසේකර)
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගි වෙමින් මහා භාණ්ඩාගාරයේ චක්‍රලේඛන වලට පටහැනිව රුපියල් ලක්‍ෂ 15 කට අධික මුදලක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ආර් වටවල මහතා පොළඹවන ලද බවට හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (25) නඩු පවරනු ලැබීය.
විත්තිකාර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අදාළ වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා සහභාගී වීම වෙනුවෙන් සහ හෝටල් ගාස්තු ගෙවීම සඳහා ආයෝජන මණ්ඩල සභාපති හා අධක්ෂක ජනරාල්වරයා පෙළඹවීම මඟින් අල්ලස් පනතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
2006 ජුනි මස 21 වැනිදාත් 2006 ජුනි මස 23 වැනිදාත් අතර කාලයේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින් මහා භාණ්ඩාගාරයේ චක්‍ර ලේඛන වලට පටහැනිව ඇමෙරිකා ඩොලර් 4019 ක් රුපියල් 4,17,425/-ක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල් ලක්ෂ්මන් ආර් වටවල මහතා පොළඹවන ලද බවටද එම අවස්ථාවේදී රෝහිත බෝගොල්ලාගම මහතා ‘ලන්ඩන් නුවර පාර්ක් ලේන් හිල්ටන් හෝටලයේ’ නවාතැන් ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ චක්‍ර ලේඛන වලට පටහැනිව බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ස්ටර්ලින් පවුම් 5878.49ක් රුපියල් 11,70,444/-ක් ගෙවීමට ලක්ෂ්මන් ආර් වටවල මහතා පොළඹවන ලද බවටද හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙන වෙනම චෝදනා නඟා ඇත.
විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 10 දෙනෙකු හා ලේඛන 15 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබු අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකුගේ අත්සන් නොමැති මෙම නඩුව පවරා ඇති බව කියමින් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් හේතූවෙන් මෙම නඩුව ඉවත දැමීමට සිදුවු අතර පසුව එම සිද්ධිය පාදක කරගනිමින් අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම යළිත් වරක් මෙම නඩුව පවරනු ලැබිණි.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හිටපු ඇමැති බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි
Senevirathne Tuesday, 25 February 2020 01:54 PM
මේක මේ වතාවෙදිවත් කොටු කරාවිද?