IMG-LOGO

හිටපු ඇමැතිවරු දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස බාර දී නෑ

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු කැබිනට් ඇමැතිවරුන් ,කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යන කිසිවකුත් සිය නිල නිවාස ආපසු බාර දී නැති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් එතෙක් පැවති කැබිනට් මණ්ඩලය අහෝසි විය.

ඒ අනුව වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අතර නව ඇමැති මණ්ඩලයක්ද පත් කරනු ලැබීය.

හිටපු අමාත්‍යවරුන් නිල නිවාස ආපසු බාර නොදීම හේතුවෙන් අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි වී ඇති බව නිලධාරියා කීවේය.

මේ අතර හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනෙකු සිය නිල වාහනද මෙතෙක් බාර දී නැති බව වාර්තා වේ.

නිල නිවාස භාරදුන් ඇමැතිවරු දෙදෙනා වන්නේ පාඨලි චම්පික රණවක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.



අදහස් (19)

හිටපු ඇමැතිවරු දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස බාර දී නෑ

vidya Tuesday, 03 December 2019 05:24 PM

ඕවගේ වව්ලෝ වගේ එල්ලිලා ඉන්නේ නැතිව දැන් වෙන තිප්පොලක් හොයා ගන්න. අලුත් වව්ලෝ දැන් ළඟදීම එනවා ඕවගේ එල්ලෙන්න.

:       1       4

අනාත නොවූ අනාතයා Tuesday, 03 December 2019 05:54 PM

මේවා පොදු දේපල පනතට නොගැනේද? දෙපැත්තම බෙදාහදාගෙන කෑමද ? කෝ අර කියපු පොරොන්දු වුනු නීතිය? මේ අයව එලවලා පොදු දේපල පනත යටතේ නඩු දමන්න බැරිද ?

:       1       1

විජිත් Tuesday, 03 December 2019 05:56 PM

මම හිතන්නේ අනිත් හිටපු ඇමතිවරු දුප්පත් අය. අවුරුදු 5 ක් රස්සාව කලාට තමන්ගෙයි කියලා ගෙයක්වත් හදාගත්තේ නැති දුප්පත් අසරණයෝ. තමන්ටයි කියලා වාහනයක්වත් නැති ඒ අය බස් වල යන්න ලැජ්ජා ඇති. ඒ නිසයි ඔය වාහනත් බාරදීලා නැත්තේ. ඒ නිසා මුලින්ම කරන්න ඕනා ඔය කට්ටියගේ, බිරිඳගේ, දරුවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමයි. ඕවා කියා කියා කරන්න හොඳ නැහැ. ඒවා වලත් මුදල් නැතිනම් අනිවාර්යෙන්ම සල්ලි හංගලා කොහේ හරි.

:       1       44

සරදියෙල් Tuesday, 03 December 2019 11:43 PM

ඔවුන් කොහේ කියලා යන්නද? රටට වැඩ කරමින් සිටියා මිසක් තමන්ට කියලා දෙයක් කරගත්තෙ නෑනේ.

:       1       71

sam Tuesday, 03 December 2019 11:54 PM

රංජිත් මද්දුම බණ්ඩාර මහතානම් අවංක කෙනෙක් හැටියට තමයි අහලා තියෙන්නේ.

:       1       26

Bamunuarachchi Wednesday, 04 December 2019 12:20 AM

කනෙන් ඇදලා දොට්ට දාන්න......

:       41       6

මුනසිංහ Wednesday, 04 December 2019 12:37 AM

පසුබට වෙන්න දෙයක් නෑ. නීතිමය පියවර ගන්න. මාස 3 ක් බලාගෙන ඉන්න ඕන නැහැ. බලලෝභීත්වය කියන්නෙ ඕකට තමා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේ ආණ්ඩුවේ අයටත් එක්ක මේ කියන්නේ.

:       38       19

Buddika Wednesday, 04 December 2019 12:58 AM

ඕක අලුත් දෙයක්ද? 2015 ට කලින් ආණ්ඩුවේ මිනිස්සු පරාදවෙලත් අවුරුදු ගානක් හිටියේ නිල නිවාසවල.

:       1       21

රවින් Wednesday, 04 December 2019 01:16 AM

ඕක මොකක්ද. ආණ්ඩුව මාරුවෙලා තාම දවස් 14 ක් පහුවුනා විතරයි. හැබැයි සමහර පරණ ඇමතිලා අවුරුද්දකට වැඩිය පරණ නිල නිවාස වල ජිවත් වෙනවාලු . මහජන සේවයට කියලා ගිහිල්ලා මහජනයා සුරාකාලා රීරි මාංශ උරා බිලා ඔය තවත් කයිය ගහන්නේ. .

:       3       48

Mahinda Wednesday, 04 December 2019 01:22 AM

අලුත් ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බලාන ඉන්නේ

:       1       5

Mahee Wednesday, 04 December 2019 02:51 AM

ඔය ඉන්නේ රටේ නීතිය රකින්න බාරගෙන හිටපු මිනිස්සු නේද? තවමත් හදන්නේ අපේ බදුමුදලින් සුර සැප විඳින්න. රටේ නීතියක් සම්මත කරන්න බැරි ඇයි පරාජය වූ දා සිට සතියක් ඇතුලත නිවාසය ආපසු බාර දිය යුතුයි කියල, එදා සිට ප්‍රමාදවන සැම දවසකටම රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුයි කියල? එහෙම නොකරන්නේ ඇයි? දෙගොල්ලම හැමදාම ඔය වැඩේ කළා, කරනවා, ඉදිරියටත් කරනවා. පැරදුනත් මහජන මුදලින් සුර සැප විඳීම දෙගොල්ලම හරි හරියට කරනවා. මේ දෙගොල්ලම එක වල්ලේ පොල් කියන එකට මීට වඩා උදාහරණ ඕනද?

:       1       141

ලුම්බිණි Wednesday, 04 December 2019 04:27 AM

ජනාධිපතිතුමා නගර පිරිසුදු කරනවා වගේ මේ දේශපාලකයන්ගේ කුණු වැඩත් පිරිසිදු කළා නම් නේද හොඳ?

:       1       20

Bamunuarachchi Wednesday, 04 December 2019 05:36 AM

යූ.ඇන්.පී අය පන්නන්න මහඡන්දයෙන් අපි හොඳ තොවිලයක් නටනවා.

:       118       6

GuneThursday, 05 December 2019 02:25 AM

එදාට පෙරේත තටු එහෙමත් දෙනවා ඇතිනේ නේද? බමුණු හරි වාසනාවන්තය.

:       1       1

maalaka Wednesday, 04 December 2019 06:13 AM

යන්නේ නැති අයව බලෙන් එලියට දාන්න. සිවිල් සමාජයේ එහෙම නීති තියෙනවනම්, දේශපාලුවන්ටත් එහෙම වෙන්න ඕනේ නේද?

:       1       25

minal Wednesday, 04 December 2019 07:05 AM

" ෆිස්කල් නීතිය " යටතේ කනෙන් ඇදලා එලියට දාන්න පුළුවන් නේද ?

:       1       32

sharm warn Wednesday, 04 December 2019 09:46 AM

ඉතින් ඔහොම තමයි පැරදිච්ච සෝකේ සමරනවා ඇති. ඊළඟපාරවත් මොලේ තියෙන කට්ටියක් ව තෝරාගන්න ...

:       1       1

Bamunuarachchi Wednesday, 04 December 2019 12:50 PM

කාගේවත් නම් වලින් ලියන්නේ තමන්ගේ නමින් ලියලා තමන්ගේ නම ගොඩ නගාගන්න. මොකක්ද ඒ කැත වැඩේ?

:       1       1

suresh Saturday, 07 December 2019 04:59 PM

ගල්අඟුරු බිස්නස් එකෙන් පරම්පරා 5කට ඇතිවෙන්න එක්කෙනෙක් කොමිස් ගහගත්තා. ඒ මදිවට අර මොකක්ද පොලිස් අමාත්‍යාංශයෙන් ඇතිවෙන්න හොරා කෑවා. ආයේ මොනවටද ගෙවල්...? හැබැයි ගල්අඟුරු කේස් එක තවම තියෙනවා. කූඩුවට යන්න ඉඩ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 325 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site