IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

 ( රංජිත් රාජපක්ෂ) 

අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ සදසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ කොටසක් නායයාමෙන්  හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ගිනිගත්හේන සදසිරිගම ප්‍රදේශයේ පවුල් 60 ක් පමණ ජිවත්වන බවත්, එම ගම්මානයට පිවිසිමට තිබු එකම මාර්ගය නායයාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි සිටින බව ද  එම ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

නාය ගිය මාර්ගයේ තවත් කොටසක් නායයාමට සක්‍රිය වි ඇති බවත්, නායගිය ස්ථානයේ පස් කදු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

පවතින වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙලදසැලක ගොඩනැගිල්ලක බිත්ති කිහිපයක්ද ඊයේ (08) දින කඩා වැටුණු බවත්, ඉන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇත.

අද (09) දිනයෙත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටම අධික වැසි පවති.



අදහස් (0)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 147 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 627 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1035 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site