
(හැටන් සුදත් එච්. එම්. හේවා)
(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිමෙන් අවහිරව තිබු බාධක ඉවත් කරමින් එම මාර්ගය හරහා ගමනා ගමනයට ඉඩ ලාබාදීමට මාර්ග සංවර්ධන අධිකාය මගින් පියවර ගෙන ඇත.
මධ්‍යම කදුකරයට පවතින අධික වර්ෂාවත් සමග හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිම් හා පස් කඳු කඩා වැටිමෙන් ඊයේ (18) සවස් කාලයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවිය.
පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් හා සේවක පිරිස් එක්ව මෙම මාර්ගයට කඩා වැටී තිබු ගස් හා පස් ඉවත් කර මේ වනවිට එම මාර්ගය යථා තත්වයන්ට පත්කර දීමට පියවර ගත්බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd