IMG-LOGO

හෙටත් පැය 3 යි විනාඩි 45 ක් ලයිට් නෑ

(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි. 



අදහස් (2)

හෙටත් පැය 3 යි විනාඩි 45 ක් ලයිට් නෑ

mp Wednesday, 09 March 2022 03:01 AM

ගිය සතියේ ලොකු ලොක්කන් කිව්වේ මාර්තු 5ට පසුව විදුලිය නොකපන පවයි. ඒ අය කතා කලේ කටින්ද නැත්තම් ...? එහෙම නැත්නම් මාර්තු 5 තවම ඇවිත් නැද්ද?

:       0       1

wicky Wednesday, 09 March 2022 07:44 AM

ඉන්න නිළදාරීන්ට පුලුවන් නම් හරියට කපන වෙලාව දාන්න ඒක ලොකු දෙයක්. මෙ කරන වැඩෙන් ඩොලර් අනිවාර්යෙන්ම රටට ලැබෙන, නමුත් කිසිම වර්ජනයක් , කිසිම දෙයක් නොඉල්ලපු වැඩ කරන මිනිසුනට හෙනම අසාධාරණයක් වෙන්නෙ. කම්පැණිවල ආයොජකයින් වෙන රටවලට යනකන් ඉදල ආපහු ඩොලර් නැ, ඩොලර් නෑ කියන්න වගේ හදන්නෙ. විදුලිබලෙ හරි මොකෙ හරි කමක් නැ, කපන වෙලාවල් දැම්මනම් හරි, අකුරු වෙනස් නොකර. ඇයි හප්පා මුන්ට ඒ වගෙ සුලු දෙයක් වත් කරන්න බැරි, හැබැයි කතාවනම් ඉන්ජිනෙරුවො අරකයි මේකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 27 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site