IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘හජ්’ නිවාඩුව ලබන මුස්ලිම් පාසල් ඇරඹීම අ‍ගෝ.19 දා

(මොහොමඩ්  ආසික්)
 
හජ් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු මුස්ලිම් පාසැල් සඳහා අගෝස්තු මස 15 සහ 16 යන දෙදින නිවාඩු ලබා දීමටත් ඒ අනුව දෙවන වාරය සඳහා නැවත පාසැල් විවෘත කිරීම ලබන අගෝස්තු 19 වන දා දක්වා කල්දැමීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
ලබන 10 වන දින නිවාඩු ලබා දීමෙන් අනතුරුව නැවත 15වනදා මුස්ලිම් පාසල් විවෘත කිරීමට නියමිතව තිබුණද, මේ මස 12 වනදාට යෙදෙන හජ් උත්සව දිනය හේතුවෙන් 15 සහ 16 යන දෙදිනද නිවාඩු ලබා දෙන ලෙස  විවිධ පාර්ශව  විසින් කරන ලද ඉල්ලීම් සලකා  අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගනු ලැබ තිබේ.
 
මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිවයිනේ පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමු කරනු ලැබ තිබේ.
 
 
ඒ අනුව අමතරව ලබා දෙනු ලබන 15 සහ 16 යන දෙදින වෙනුවෙන් මේ මස 24 සහ 31 යන සෙනසුරාදාවන්හි  පාසැල් පැවැත්විය යුතුබවත් එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.
 
 
 



අදහස් (0)

‘හජ්’ නිවාඩුව ලබන මුස්ලිම් පාසල් ඇරඹීම අ‍ගෝ.19 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site