
(අජන්ත කුමාර අගලකඩ)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූ හිඟ ණය පොලිය සහ භාණ්ඩාගාර ණය මුදල් රාජ්‍ය ආයෝජන ලෙස සලකා කපාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු බෝපත්තලාව, මැණික් පාලම, ඩයගම සහ රිදියගම යන ගොවිපොළවලට 2012 දී සහ 2015 දී ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන්ගෙන් අපේක්ෂිත කිරි නිෂ්පාදනය ලබාගැනීමට නොහැකි වීමෙන් ආයතනයට දැඩි අලාභයක් සිදුව ඇත.
මෙම ගවයන් ආනයනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට රුපියල් කෝටි 618ක පමණ මුදලක් ද ලබා දී තිබූ අතර ඒ වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ පොලී මුදල රුපියල් කෝටි 56ක් පමණ වේ.
මෙම ගවයන් ආනයනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ද රුපියල් කෝටි පහක ණය මුදලක් ද මණ්ඩලයට ලබා දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කිරි නිෂ්පාදනය ව්‍යවසායකයන් 67 දෙනෙකු එළදෙනුන් 5000ක් පමණ මිලදී ගන්නා ලදී. එහෙත් නිසි කිරි අස්වැන්නක් නොමැති කමින් විශාල අලාභයක් ලබා ඇත. මේ සඳහා ලබාගත් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව ඇපකරයට තබා ඇති ඉඩකඩම් වෙන්දේසි කරමින් පවතී. මෙම ව්‍යාපෘති අසාර්ථක වීමට හේතුව එම රටවල ගාල්වලින් ඉවත් කරන ලෙඩ සහ කිරි අඩු මව් සතුන්ගේ ගැබ්ගත් පැටවුන් ගෙනඒමයි. 50000/= වත් නොවටිනා සතුන් සඳහා 530,000/= ක මුදලක් වැයකර ඇත. තවද රජයේ මූදල් ද අවභාවිතය කර ඇත. රජයේ මුදල් කෝටි 131 අත්තිකාරම් මුදලක් වර්ෂ 2කට ආසන්නය. ජනාධිපති විමර්ශනයෙන් හා කෝප් කමිටුව වාර්තාවලින් මෙම ව්‍යාපෘතිය මුදල් වංචා කරන චේතනාවෙන් ක්‍රියාත්මක කර ඇති බවට ඔප්පු වී ඇත. පුදූමයට කරුණ වන්නේ මෙම දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකීරීමයි...
NLDB ආනයනික කිරි ගොවි ව්‍යාපෘතිය සාර්ථක ලෙස ව්‍යාජව මවාපාමින් දේශීය ආයෝජකයින් 60 ක් පමණ රවටා ලෙඩ සහිත, නිසරු, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉවත් කරන ලද කිරි නැති සතුන් වැඩි මුදලට සහ උපරිම යටිතල පහසුකම් සහිතව අසාර්ථක ව්‍යාපෘතියකින් ඔවුන්ව බංකොලොත් භාවයට පත් කර NLDB පමණක් ණය කපා හැර පෞද්ගලික ආයෝජකයින්ගේ ගේ දොර, ඉඩකඩම් බැංකු වලට සින්න වීමට ඉඩ හැරීම සාධාරණද?