IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සූ කී ට තවත් අවුරුදු 4 ක සිරදඩුවමක්

මියන්මාරයේ බලය අල්ලා ගත් හමුදා පාලකයන්ගේ අත්අඩංගුවේ පසුවන මියන්මාර ප්‍රජාතන්ත්‍ර නායිකා අවුන් සාන් සූ කී, යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකාරිය වූ අතර ඇයට සිවු වසරක සිරදඬුවම් හිමිවිය.

නායිකා 76 හැවිරිදි අවුන් සාන් සූ කී යැංගොන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ, ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින් අනවසරයෙන් වෝකී ටෝකි ඇතුළු සන්නිවේදන උපකරණ ගෙන්වා ගැනීම, ඒවා ළඟ තබා ගැනීම සහ  ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පනවා තිබුණු නීතිරීති කඩ කිරීම සම්බන්ධයෙනි.

හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමෙන් පසු, නිවාස අඩස්සියට පත් කෙරුණු සූ කී ට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා තිබේ.

සූ කී පළමු වරට අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය දෙසැම්බර් 6 වැනිදාය. එම අවස්ථාවේදී ද චෝදනා 4 කට ඇය වරදකාරිය වූ අතර සිවු වසරක සිරදඬුවම් නියම කෙරුණි.

ජනතාව නොසන්සුන් කිරීම, ‘කොවිඩ්19‘ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ පැනැවූ නීති උල්ලංඝනය කිරීම, රාජ්‍ය රහස් සම්බන්ධ පනතක් උල්ලංඝනය, දූෂණ චෝදනා ආදී චෝදනා රැසක් සූ කීට එල්ල වී තිබේ.

මෙම සියලු චෝදනාවලට ඇය වරදකාරිය වුවහොත් ඇයට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බව පැවැසෙයි. තමන්ට එල්ල වන සියලු චෝදනා සූ කී තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

සූ කී බලයෙන් නෙරපා දමමින් හමුදාව එරට බලය අල්ලා ගත්තේ 2021 වසරේ පෙබරවාරි පළමු වැනිදාය.

මියන්මාර මහ මැතිවරණය 2020 වසරේ පැවැත්විණි. එයින් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. පරාජය වූයේ මියන්මාර හමුදාවට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය.

එම දේශපාලන කණ්ඩායම් දිගින් දිගට චෝදනා නගන්න වූයේ මැතිවරණය දූෂිත බවටය. ඒ අනුව රටේ දේශපාලනික අස්ථාවරභාවයක් නිර්මාණය වූ අතර, හමුදාව රටේ බලය අල්ලා ගනිමින් සූ කී ඇතුළු ඇගේ පක්ෂයේ නායකයන් සියලු දෙනා නිවාස අඩස්සියට පත් කළේය.

(රොයිටර්)



අදහස් (3)

සූ කී ට තවත් අවුරුදු 4 ක සිරදඩුවමක්

Amin Monday, 10 January 2022 02:01 PM

ඉල්ලන් කෑම සහ ඇදගෙන නෑම

:       4       2

පිටිගල මිලානෝ Monday, 10 January 2022 02:12 PM

ලංකාවෙත් හොරුන්ට මෙසේම වේවා.... දඩුවම් වැඩිවැඩියෙන් ලැබේවා......

:       3       6

sharm warn Monday, 10 January 2022 02:54 PM

මටනම් තේරෙන්නේ නැහැ මේ අර්බුධය කොහොමද කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site