( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සී.එස්.එන් රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට පත් විණි.
එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍ර ය අවලංගු කරමින් 2016 වසරේ දී එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපිය ඉල්ලා අස් කර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අද (26) අභියාචනාධිකරණයේ දී එකග වීම මත මෙම සමථය ඇති විය.
ඒ අනුව 2016.10.23 දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පල කලේය.
එම රිට් පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම සමථය ඇති විය.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.
එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.
COMMENTS
අාණ්ඩු පෙරලියක ප්‍රතිඵල....
මෙන්න ඡන්දෙට කළින් අපි කියපුවා දැන් වෙනවා.තමන්ගේ සහ පරපුරට එරෙහි සියලු නඩුවලින් නිදහස් වීම. මේකයි පවුල් පාලනය... රටේ සම්පත් තමුන්ගේ පුද්ගලික බූදලයක් ලෙස පාවිච්චි කිරීම... මේවා රජයේ සම්පත් අවභාවිතය නෙවෙයිද?
ඒ යුගයේදී මේ චැනල් ඒක ආරම්භ කරන්න මුදල් ලැබුණේ කොහෙන්ද? උපයාගත් ආකාරය ගැන බොහෝ තොරතුරු ගැන මහා ආන්දෝලනයක් රටේ ඇතිවුණා වගේ මතකයක් තිබුණා වගේ සිතෙනවා. ඒ ගැන කිසිඳු කතාවක් දැන් ඇත්තෙම නැහැ. අනේ මන්දා මේවා මොනවාද කියා..?
තව දශක කිහිපයකින් මෙම සංදර්ශන නිමා වෙන්නේ එම සංදර්ශන වලට අවසර ලබා දුන් මේ රටේ මෝඩ ජනයාද සමඟිනි...
ගෝඨාගේ කිරි කලයට එකින් එක ගොම බින්දු වැටෙමින් පවතී...
තවත් ජනතා ඉල්ලීමක් ඉටුකරයි...
අනේ මෙහෙම නඩු?
මේවට හිනාවෙන්නද? අඬන්නද? කියලා තේරෙන්නේ නෑ.. දැන් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ...
තවත් ජනතා ඉල්ලීමක් ඉටුකරේ...
අපි දන්නවා මේවට දෙවියන්ගේම පිහිටයි කියලා නැවත ඒ යුගය පැමිණෙමින් තිබේ... පරෙස්සම් වන්න.
අනිත් ඒවා කෙසේවෙතත් තමන්ගේ නඩු ටික හා බඩු ටික බේරා ගනී. හැට නව ලක්ෂයේ බලාපොරොත්තු ඕවනේ...
දැන් දැන් පෙරහැරෙ කසකාරයන් එනවා වගේ පෙන්නේ නම්... තාම පටන්ගත්තා විතරයි. දැන් බැලුවම පරණ රෙජීමයේ කාබන් කොපියමයි. අපිත් ඡන්දෙ දුන්නා. දැන් බැලුවම නිෂ්ඵල දෙයක් කරේ කියලත් හිතෙනවා.
හමු මහත්තයයි... ඉබ්බයි, හාවයි වගේ නේද පුතේ...?
වහලා තිබුණු කාලයට අපි වන්දියකුත් දෙමු...