(බිඟුන් මේනක ගමගේ)
සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනාගේ ජීවිත නැවතත් තර්ජිත තත්ත්වයට පත්ව ඇතැයි ද විධිමත් ක්‍රමවේදයකින් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කරමින් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම අලි දෙදෙනා සිංහරාජ උතුරු මායිමේ රක්වාන 4 කණුව ප්‍රදේශයෙහි මේ දිනවල දකින්නට ඇතැයි ද පසුගිය කාලයේදී අලි දෙදෙනා මුහුණ පෑ තත්ත්ව සැළකිල්ලට ගැනීමේදී මේ ප්‍රදේශයේදී අනතුරක් වීමට ඉඩ ඇතැයි ද එම නිවේදනයෙහි සඳහන් වේ.
අලින් වාර්ෂිකව හෙක්ටයාර 11000 ක භූමි භාගයක සැරිසරන නමුත් හිටපු වනජීවී ඇමැතිවරයා මෙම අලි දෙදෙනා හෙක්ටයාර 30 ක කුඩා භූමියකට කොටු කිරීමට උත්සාහ කළැයි ද එයින් සිදුවන්නේ උන් දෙදෙනා තවත් ප්‍රචණ්ඩකාරී වීම යැයි ද වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි.
මෙම පියවර කඩිනමින් අනුගමනය නොකළහොත් තවත් දැවැන්තයකුට නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිංහරාජයේ අලි දෙදෙනාට නැවතත් ජීවිත තර්ජන