IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සිසු අපයෝජනය සඟවන්නැයි කී ගුරුවරුන්ට විරෝධය

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ලේ පාසලක සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාසලේ සංගීත ගුරුවරයා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන්නැයි අනුබල දුන් බව කියන ගුරුවරුන් 7දෙනෙකු පාසලෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(01) පාසල ඉදිරිපිට රැස්ව සිටියහ.

එම පාසලේ සංගීත විෂය භාර ගුරුවරයකු සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

පාසලේ ඉගැන්වීමේ කටයුතුවල නිරත වන භික්ෂූන් වහන්සේ නමක්, ගුරුවරුන් සහ ගුරුවරියන් 7දෙනෙකු මව්පියවරුන්ගේ නිවාසවලට පැමිණ, ජනාධිපතිවරණයෙන් පසුව එම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බවත්, සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඉල්ලා සිටි බවත් මව්පියවරු පාසලේ විදුහල්පතිනිය හමුවී පැවසූහ.

මෙම ගුරුවරුන් 7දෙනා පාසලෙන් ඉවත්කරන්නැයිද ගුරුවරුන් සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවද ඔවුහු ඉල්ලා සිටියහ. මේ හේතුවෙන් පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි. 

මෙයට සහභාගීව සිටි අධ්‍යාපන බලධාරීහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පැවසූහ.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම පාසලේ සිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, වහාම අපරාධයට අනුබල දුන් එම ගුරුවරුන් විද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් දැඩි විරෝධතාවක් ආරම්භ කරන බවත් මෙම අවස්ථාවට එක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත්  සහ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු කියාසිටියහ.

තත්වය පාලනය කිරීම සඳහා දඹුල්ල පොලිස් නිලධාරීහු ද පාසලට පැමිණ සිටියහ.



අදහස් (10)

සිසු අපයෝජනය සඟවන්නැයි කී ගුරුවරුන්ට විරෝධය

sharm warn Friday, 01 November 2019 08:59 AM

එතකොට රැකගන්න ඕනෑ දරුවන්ද? වැඩිහිටියන්ද?

:       0       141

A to Z Friday, 01 November 2019 09:23 AM

දේශපාලන කාලකන්නිත් එතැනට රින්ගලා. මේ අය ඇවිත් ඉන්නේ ප්‍රශ්නය විසඳන්න නෙවේ. තවත් අවුල් කරන්න..

:       98       517

RaveendraFriday, 01 November 2019 09:38 PM

ඔබ නිවැරදියි දේශපාලුවන් කොහොමත් බොරදියේ කිඹුල්ලු අල්ලන්න හරිම දක්ෂයිනේ. ඒ අය බලන්නේ මේ මගින් සුළුවෙන් හෝ දේශපාලන වාසියක් ගන්න. එමෙන්ම මෙම නිවටයාව බේරාගැනීමට ඉදිරිපත්වූ ඒ ගුරු හොරුන්ගේ විස්තරද මහජනතාවට දැනගනුමට හැකි නම් එයත් වැදගත් නොවන්නේද?

:       26       0

සාරසී Friday, 01 November 2019 09:44 AM

ඒ අය හත් දෙනාත් ඒ ගණයේම වෙන්න ඇති...

:       11       143

රවින් Friday, 01 November 2019 10:00 AM

කවුරු මොනවා කිව්වත් ඔය වැඩේට ශේප් වෙන්න කතා කරපු ගුරු හොරු ටිකනම් ගුරු වෘත්තියට සුදුසු නොවේ. අධ්‍යාපන බලධාරින් වහාම මෙම උදවිය එම වෘත්තියෙන් අයින් කරන්න කටයුතු කළ යුතුවේ. ගුරුවරයා යනු ළමා මනස විකෘති කරන්න ඉන්න උදවියද? නැතිනම් ළමා මනස නිසිමගට යොමුකරන්න ඉන්න උදවියද කියන ප්‍රශ්නය ඔය හත් අට දෙනාගෙන්ම ප්‍රසිද්ධියේ කරුණු විමසා බැලුවානම් වඩාත් උචිතයි.

:       13       246

lalithm Friday, 01 November 2019 11:14 AM

භික්ෂුවක් මොකටද ඒකට ගෑවුනේ...? කුණුගොඩවල් ඔක්කොටම චීවරය ගාගන්නේ අපේ ආගමේ මොන කරුමයකටද?

:       0       165

Amila Friday, 01 November 2019 11:46 AM

වහාම පාසලෙන් ඉවත්කරන්න ඕනෑ. අන්න පොහොට්ටුවේ කෙනෙකුත් චීන කාන්තාවකට කරදරයක් කරලලු....

:       112       19

Prabha Friday, 01 November 2019 01:37 PM

ඔය ගුරුවරුන්ට දරුවන් නැද්ද? තමුන්ගේ දරුවකුට වුණා නම් තේරෙයි..

:       0       63

Kumar Friday, 01 November 2019 02:41 PM

මේක එක් ගමනක් සිදුවුණු දෙයක් නොවේ.

:       1       117

Clarence Saturday, 02 November 2019 08:35 PM

ළමුන්ට අතවර කරන මේ අපරාධකාරයෝ ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 808 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 930 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site