IMG-LOGO

‘සිසුන්ගේ ආරක්ෂාවට මගේ ආරක්ෂකයින් යොදවන්න’

(රන්ජන් කස්තුරි සහ මනෝජ් හර්ෂික)
 
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ ආරක්ෂකයින්ද අනුයුක්ත කරන්නැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශවලට දැනුම් දුන් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
තමාගේ ආරක්ෂාව තමා විසින්ම සපයාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් රවී කරුණානායක මහතා සිය ඇමැති ආරක්ෂකයින් පාසල් සිසුන්ගේ ආරක්සාවට යෙදවූ බවද එම අමාත්‍යංශය පවසයි.
 
ඒ අනුව ඇමතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කර ඇතැයිද විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.



අදහස් (37)

‘සිසුන්ගේ ආරක්ෂාවට මගේ ආරක්ෂකයින් යොදවන්න’

සේන Sunday, 05 May 2019 02:52 PM

පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා වාගේ. මේ කොකාගෙත් හැටි අපි දකිනවා ඉගිලෙනකොට..

:       258       1349

RaveendraSunday, 05 May 2019 03:18 PM

සේන මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු.

:       65       198

ආර්.කරුණානායකම් Sunday, 05 May 2019 06:32 PM

මේ මටද ඔහෙලා කොකා කියන්නේ. ටිකක් ප්‍රවේශමෙන්. හදිස්සි නිතිය යටතේ ඔහෙට දැඩි දඬුවම් දෙන්නට මට පුළුවනි.

:       0       23

ලසන්ත Monday, 06 May 2019 05:18 AM

දැන් එතකොට මෙයාට ආරක්ෂකයන් කී දාහක් ඉන්නවද? මේකත් බොරදියේ මාළු බෑමක් තමයි.

:       0       28

BamunuarachchiSunday, 05 May 2019 04:04 PM

කොකාගේ පාට පෙනෙන්නේ ඉගිලෙන විටලු නේද?

:       0       69

NishanthaSunday, 05 May 2019 11:56 PM

අපරාදෙනේ. මහබැංකුවේ ආරක්ෂාවටනේ යොදවන්න තිබ්බේ..

:       0       28

ගල්කටස් Sunday, 05 May 2019 02:54 PM

අැයි අපි මේ වගේ හරක් පාර්ලිමේන්තුවට යැව්වේ? බලාගෙන ගියාම ⁣යහපාලන ආණ්ඩුවේ ඉහළම ඉඳන් පහළටම පිස්සුනේ කෙලින්නේ. මේ වගේ ලොසින්ජර වැඩ වලින් ජනතාව ගොනාට අන්දවන්න පුළුවන්ද? අපි හරක් කියලද හිතන්නේ...?

:       68       1807

Amila Sunday, 05 May 2019 03:24 PM

ඊට පස්සේ ඉතින් ආණ්ඩුවට බිලක් දෙන්නත් බැරි නෑ පුද්ගලික ආරක්ශක අංශයකින් කට්ටිය ගත්තා කියලා. එහෙම මහත්තයෙක් මෙයා.

:       92       716

Bandara Sunday, 05 May 2019 03:30 PM

ඔබට හිරිහැර කිරීමට ත්‍රස්තවාදීන් මෝඩ නැත.

:       92       321

wimal Sunday, 05 May 2019 03:38 PM

අනේ පව් අප්පා මේවා දැක්කම ඇඬෙනවා... පුදුම නායකයෝනේ අම්මපා අපට ඉන්නේ... මේවා දකින කොට හදවත එළියට පනිනවා.

:       151       416

Haritha Sunday, 05 May 2019 03:54 PM

බොර දියේ මාළු බෑම. මේක කරා කියල හෙට උදෙන්ම ප්‍රශ්න ඉවරද? අනේ මෙහෙමත් අයනේ අපි පාර්ලිමේන්තු යවලා තියන්නේ

:       87       313

Indunil Sunday, 05 May 2019 03:57 PM

විහිලු කිරීමට අවස්ථාව නොවේ ගරු ඇමතිතුමනි...

:       21       55

Bamunuarachchi Sunday, 05 May 2019 04:02 PM

මෙයාගේ ආරක්ෂාවට ඉන්නේ රටින් ගෙන්වපු අයනේ... මෙයාට පොලිස් ආරක්ෂාව වැඩක් නැතිබව අපි දන්නවා.

:       20       66

chandima Sunday, 05 May 2019 04:54 PM

ඒපාර මෙයත් ඉස්කෝලේ යන්නද යන්නේ? අනේ හොඳයි

:       36       109

Kamal Sunday, 05 May 2019 04:55 PM

ආරක්ෂකයෝ ඔබතුමා තියාගන්න

:       34       150

anura Sunday, 05 May 2019 05:43 PM

ලංකාවේ පාසැල් දහදාහක් තියෙනවා. ඔබතුමාට ආරක්ෂකයෝ කීදෙනෙක් විතර ඉන්නවාද?

:       0       247

NihalSunday, 05 May 2019 07:00 PM

අනුර, මෙයා ආදරෙන් රැකබලාගෙන ආරක්ෂා කරන්න ඡන්ද දායෝකයෝ පිරිසක් තවමත් ඉන්නවා.

:       0       0

ස්නේහා Sunday, 05 May 2019 06:39 PM

මේ වගේ අය හින්ද තමයි පිටසක්වල ජීවීන් කවදාවත් ලංකාවට එන්නෙ නැත්තෙ.

:       0       1

Shan Sunday, 05 May 2019 07:02 PM

මොවුන් තමා ලංකාව විනාශ කළේ.....

:       0       38

maheshika Sunday, 05 May 2019 08:14 PM

මගේ ආරක්ෂකයෝ? ගෙදරින් අරන් ආවද? කරලා තියන වැඩවල හැටියට හෙට අනිද්දට හෙන ගහන්නත් ඉඩ තියනවා. අහිංසක ආරක්ෂකයින්ගේ ආරක්ෂාවට ඔහෙගෙන් ඉවත්වෙලා ඉන්න එක හොඳයි.

:       0       2

රවින් Sunday, 05 May 2019 11:35 PM

හරියට හරි. අර ඇලෝසියස්ගෙන් හම්බවුන පදිංචිවෙලා ඉන්න ගෙදරට වෙලා හිටියාම ආරක්ෂකයන් ඕනේ නැහැ. අනික එච්චර ඉඩ ප්‍රමාණයකුත් ඒ ගෙදර නැතිව ඇතිනේ...

:       0       75

Keppetipola Sunday, 05 May 2019 11:59 PM

මේවට තමයි කියන්නේ ජනතාව ගොනාට ඇන්දීම කියලා. හොර තක්කඩි පාර්ලිමේන්තුවට ගියාම මේ වගේ ප්‍රකාශ බලාපොරොත්තු විය යුතුයි..

:       0       52

sudarshane bandara Monday, 06 May 2019 12:00 AM

කියන්න වදන් නැහැ.. හැඟුම් සිතේ ගොළුවෙලා...

:       0       2

මංගලිකා කොස්තා Monday, 06 May 2019 01:11 AM

ගරු ඇමතිතුමා කාටත් ආදර්ශයක් දෙන වැඩක් කර තියෙන්නේ. මිසදිටුවන් බුරලා තියෙන බව නම් පේනවා.

:       375       84

lalMonday, 06 May 2019 06:52 AM

එක්කෙනෙක් දාලා තියෙන්නේ ගරු ඇමතිතුමා කියලා. මේ ගොල්ලෝ කොහෙද ගරු... පඩියට, දීමනා වලටනේ වැඩ. එක ටීවී නාලිකාවකත් නිව්ස් පටන් ගත්තු වෙලේ ඉඳන් හැම එකටම ගරු කියකියා මැරෙන්න හදනවා. පිළිකුලේ බැහැ. ඒ නෝනට නම් ගරු ඇති. රටම දන්නවා ගරුගේ පැටිකිරිය..

:       0       2

de silva berlin Monday, 06 May 2019 01:27 AM

ඔව් ඉතින් ඔබතුමාට කොහොමත් පාතාලේ සෙට් එකක් ඉන්නවනේ.., ඔබතුමාගේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරියන් ඉස්කෝල මුර කරන්න ඇරලා, පාතාල සෙට් එක පුද්ගලික ආරක්ෂකයන් කියලා ලියාපදිංචි කළාම ඔවුන්ට අවි ආයුධ අරන් කොළඹ වටේ කරක්ගහන්නත් පුළුවන්.., එතකොට ඔවුන්ට කියලා ඔබතුමාගේ පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් කරගන්නත් පුළුවන්... එකගලින් කුරුල්ලන් දෙතුන් දෙනෙක් දඩයම් කරගන්න පුළුවන්... පස්සේ වැඩේ අවුල් වුණොත් මම මුකුත් දන්නේ නැහැ කියලා ඇඟ බේරගන්නත් පුළුවන්...

:       0       133

JAYATH Monday, 06 May 2019 02:09 AM

බොරු ෂෝ, මොවුන් හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ ඔක්කොම හරක් කියලයි. මොනවා වුනත් බයවෙන්න එපා සහෝදරයා... මුස්ලිම් අය ඌරු මස් කන්නේ නැහැ..!

:       0       92

Jaya Monday, 06 May 2019 02:21 AM

මහ බැංකුවෙන් ගහපු ගැහිල්ලේ හැටියට පුද්ගලික ආරක්ෂකයින් තියාගන්න එක මොන කජ්ජක්ද? !

:       0       118

gbase Monday, 06 May 2019 02:47 AM

හරි බන් එල...

:       0       5

hira Monday, 06 May 2019 03:29 AM

බුදු අම්මෝ, මෙයා පට්ට ඇඩ්නේ දාන්නේ. ආරක්ෂකයෝ නැතත් ඔයාට කිසිම හිරීමක් වත් වෙන්නේ නැහැ මෙයා.

:       0       3

chris Monday, 06 May 2019 03:52 AM

අනේ මේ බොරදියේ මාළු බාන් නැතුව ඉන්න රවී...

:       0       20

sana Monday, 06 May 2019 03:59 AM

මේ ඇමතිවරයාගේ පෙර ක්‍රියා කලාපය කුමක් වුවත් ඇමති ආරක්ෂකයින් පොදු මහජන ආරක්ෂාවට යෙදවිය හැකි නම් එය කාලෝචිත පියවරකි.

:       19       69

sana Monday, 06 May 2019 03:59 AM

මේ ඇමතිවරයාගේ පෙර ක්‍රියා කලාපය කුමක් වුවත් ඇමති ආරක්ෂකයින් පොදු මහජන ආරක්ෂාවට යෙදවිය හැකි නම් එය කාලෝචිත පියවරකි.

:       20       72

nimal perera Monday, 06 May 2019 05:04 AM

මෙන්න බොලේ මද්දුම බණ්ඩාර කෙනෙක්? අනේ විගඩම් මෙයාගේ කෙරුවාව රටම නොදැන්නවයැ

:       0       56

ජෝයි අභිෂේක් මාන්පෙරුම Monday, 06 May 2019 07:20 AM

මිනිසුන් අතර දෙවිවරු සිටින බව මේ උතුමා පුන පුනා ඔප්පු කර අවසන්

:       130       1

කෝෂිලා නිල්මිණි ගමාතිගේ Monday, 06 May 2019 07:22 AM

රවී කරුණානායක අපට සිටින සද්ධන්ත යෝධයෙක්. ජයම වේවා!

:       140       1

de silva Tuesday, 07 May 2019 11:20 AM

සතොස , මහා බැංකු වංචා වැනි විශාල වංචා වලට අහුවෙලත් , කිසිම ප්‍රශනයක් නැතුව ඉන්නවා , ඉන්න ගමන් ඇමතිකම් දරනවා , මොහුව මහා පක්ෂ දෙකේම ඉන්න නායකයෝ ආරක්ෂා කරනවා , නැත්නම සතොස වංචාවලට 2004 ඉඳන් 2014 වෙනකම කිසිම දඩුවමක ලැබුනේ නැහැ . රටේ අවාසනාවට මොහුට කතිරේ ගහල පාර්ලිමේන්තු අරින මෝඩ ඡන්ද දායකයෝ රැළකුත් ඉන්නවා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site