( +++ නාලක සංජීව දහනායක)
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අලුතින් පත්කර සිටින ප්‍රධානීන් වසරක කාලසීමාවක් ඇතුළත දී අදාළ ආයතනයේ ප්‍රගතිය පෙන්වීමට අපොහොසත් වුවහොත් එහි වගකීම බාරගනිමින් ඔවුන් තනතුරෙන් ඉවත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොන්දේසියක් පනවා ඇතැයි වාර්තා වේ.
විද්වත් කමිටුවක් මගින් තෝරා ගනු ලැබූ සුදුසුම පුද්ගලයන් පමණක් මෙම තනතුරුවලට පත්කරන බැවින් ආයතනවල ප්‍රගතිය පෙන්වීමට ඔවුන්ට වසරක කාලයක් ප්‍රමාණවත් බව ජනාධිපතිවරයාගේ අදහසවී ඇතැයි ද පැවැසේ.
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් බඳවා ගැනීම මෙතෙක් කල් විෂයභාර ඇමැතිවරුන්ගේ නිර්දේශය මත සිදුවූ නමුත් නව රජය එම ක්‍රමවේදය වෙනස්කරමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප්‍රධානීන් තෝරාගැනීමට විශේෂඥයන්ගෙන් යුතු කමිටුවක් පත්කළේය.
රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල රැසක් සඳහා දැනටමත් ප්‍රධානීන් පත්කර සිටින අතර ඉතිරි ආයතන සඳහා පත්කිරීම් ලබන මස අවසන්වනවිට පෙර සිදුකිරීමට නියමිතය.
COMMENTS
"ඉවතට" කියන්නේ වෙනත් සංස්ථාවකට, මණ්ඩලයකට නේද ??
ඔය පත් කරන ඇමතිවරුන්ටත් ඔය නීතියම දැම්මොත් හොඳ නැද්ද ?
හරියටම කියනවා නම් මහ මැතිවරනෙන් පසු ඉවතට, රාජපක්ෂලා ඇතුලට.
ඇමතිවරුන්ටත් ඔය නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි. ඒ අය තමයි ෂුවර් නැති බඩු...
අය්යෝ බය වෙන්න එපා. නියමෙට වැඩ පෙන්නයි. අවුරුද්දෙන් බිල්ගේට්ස් කැලේ.
ඇමැතිවරු කියයි සභාපති ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එව්වට කමක් නැහැ මගෙන් අහන්නේ නැතිව කිසි දෙයක් කරන්න එපා කියලා. දැනටත් ආරංචිය එම පත්වීම්වලට ඇතැමුන් විරෝධය දක්වනවලු. අලුත් දේකට ඉඩදෙන්න කැමතිම නෑ. සියලු ආයතන ප්‍රධානින් සෘජුව ජනාධිපතිතුමාගේ යටතට පත්කරන්න.
කාවද මේ රවට්ටන්නේ ?
හිත නිවන කතා...
විද්වතුන්ට වැඩේ කරගෙන යන්න නුසුදුසු ටික ඉඩ දෙයිද? පහුගිය ටිකේ ඉඳන් උපදෙස් දෙනවයි කියලා තිබුනේ වැඩ කරන විදිය ගැන... මේ ලඟදී තිබුනේ මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක හිටපු සභාපතිවරයකුට උපදෙස් දුන්නයි කියලා බඩකුයි කඳකුයි තියෙන පාලුවෙක්... සාමාන්‍ය පෙළවත් තියනවද දන්නේ නැහැ. හැබැයි උපදේශක.., විද්වතුන්ටත් කියලා දෙයි කොමිස් ගහන හැටි, කුඩු ගෙන්නන හැටි, එතනෝල් ගෙන්නන හැටි, තම තමන්ගේ අම්මා අප්පා වුණත් පණපිටින්ම විකුණන හැටි, කොටින්ම කියතොත් තම හිරි ඔතප් තමා විසින්ම අමුඅමුවේ නැති කරගන්න හැටි. විද්වතුන් අවුරුද්දෙන් නොවේ. තුන්මාසෙන් යයි. ඔය හාල්පාරුවන් ටික බැඳලා දැම්මේ නැතිනම්...