(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එවැන්නක් සිදුනොවූ බව මෙතෙක් සිදුකළ සියලු පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පැවසීය.
තමා මේ පිළිබඳව සියලු තොරතුරු ස්විට්සර්ලන්ත තානාපතිවරයාට පැහැදිලි කළ බවද ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (16) පැවැති පුවත්පත් කතුවරුන්ගේ සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.
පැහැරගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියට ලැබුණු දුරකතන ඇමතුම් වල සාක්ෂි , ඇය ගමන් ගත් කූලි රථ රියදුරන්ගේ සාක්ෂි ආදී සියලු තොරතුරු පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාබලනු ලැබූ බව කී ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අනුව මෙම සිද්ධිය අසත්‍යයක් බව පැහැදිලි වී තිබෙන බවද කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත්තා යයි කීම බොරුවක්
Gamage Monday, 16 December 2019 12:59 PM
හොරාගේ අම්මා ගෙන් පේන අහනවා වගේ .
Sarath Monday, 16 December 2019 01:02 PM
බොරු කියනවා.
නෙවිල් Monday, 16 December 2019 01:11 PM
අපටත් පෙනෙන්නේ මේක බොරුවක් කියලා. තානාපති කාර්යාලයත් නොමග යවලා. කොහොම නමුත්, බටහිර තානාපති කාර්යාලයක වැඩ කළ හින්දා, නාරි වෛද්‍යවරයෙකුට යොමු කළොත් හොඳයි...
මුණසිංහTuesday, 17 December 2019 01:23 AM
ඩිස්ලයික් බලකායක් ඉන්නවා රටට ද්‍රෝහිකම් කරන.
Mahee Monday, 16 December 2019 01:15 PM
ඉතාම හොඳයි. ඔය එක්කම අර පරාජිතයින්ගෙනුත් ප්‍රශ්න කරන්න සලස්වන්න. රටට හෙන ගැහුවත් කමක් නැහැ කියලා හිතන උදවියට සමාවක් නොදිය යුතුයි.
bandula Monday, 16 December 2019 01:15 PM
පිටරට යාමට රට පාවාදීම බොහෝ අය කරනවා...
පිටිගල මිලානෝ Monday, 16 December 2019 01:59 PM
මේ පාර නම් මම නෙවෙයි කියලා හොඳටම ෂුවර් වගේ. (විහිළුවක් කලේ)
samTuesday, 17 December 2019 06:51 AM
මේ විහිළුවක් කරන වෙලාවක් නෙවෙයි. අපේ රටේම ඇස් රතුවෙන දෙයක් වෙලා තියෙන්නේ. පුළුවන් නම් මිලානෝ ඉඳලා ස්විට්සර්ලන්තෙට ගිහින් අපේ රට වෙනුවෙන් පෙනී හිටින්න.
Bandara Monday, 16 December 2019 08:47 PM
රට වැටෙනකල් බලන් හිටපු අයට දුකයි වගේ
Chathuri Tuesday, 17 December 2019 12:00 AM
මේ නිලධාරිනිය කියන්නේ බොරු නේද එතකොට. ඒ නඩු අහන්නෙත් නැහැ කල් යනවා පමණයි මේ වැඩේ නම් උණු කැවුම් වගේ ප්‍රශ්න විසදෙනවා පව් අපේ අධිකරණය බැහැලාම වැඩ
padmini Tuesday, 17 December 2019 07:47 AM
මේක තනිකරම නාට්‍යක් ඇයි රාජිතව අල්ලන්නේ නැත්තේ? මේවා තේරුම් ගන්න ටිකක් මොලේ පොඩ්ඩක් විතර ඕන.
Ruwan Tuesday, 17 December 2019 08:31 AM
ඕකනම් මොකද්ද ? මිනිස්සු මැරිලත් මරපු කෙනෙක් හොයාගන්න බැරි නඩු කීයක් තියෙනවද ? ඇත්ත උනත් ඔච්චර තමයි.