(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතාට කතා කිරීමට අවස්ථාව නොදීම අසාධාරණ යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා මැතිසබයේ උණුසුම් තත්ත්වයක් අද (11) ඇතිවිය.
සිවශක්ති ආනන්දන් මහතා සභාව ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් දෙමළ සන්ධානයේ නායකයන් තමාට මැතිසබයේ කතා කිරීමට අවස්ථාව නොදෙන බවට මූලස්ථානයට පැමිණිලි කළේය.
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සිවශක්ති මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටිමින් හඬ නැගුවේ මේ අවස්ථාවේදීය.
මෙහදී අදහස් දැක්වූ කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුටත් අද මුහුණදීමට සිදුවී ඇත්තේ මේ තත්ත්වය යැයි ප්‍රකාශ කළේය.‘‘අපිත් කාලය ගන්නේ බොහොම අමාරුවෙන්‘‘ ඔහු වැඩිදුරටත් කීය.
සිවශක්ති මන්ත්‍රීවරයා වෙනුවෙන් හඬ නැගූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ.
COMMENTS
මට මේක මහා ප්‍රහේලිකාවක්. කවුද ආණ්ඩු පක්ෂේ කවුද විපක්ෂේ කියල ? ඊටත් වැඩිය කවුද රට ආණ්ඩු කරන්නේ කියල? ඇත්තටම කවුරු හරි රට ආණ්ඩු කරනවද?