IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න

(සුජිත් හේවාජුලිගේ )

රටේ අලුතින් ආරම්භ කෙරුණු  සංවර්ධන ව්‍යාපෘති  වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

එසේම  වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන ලෙස  රජයට නිර්දේශ කර තිබේ.

රටේ පවතින මූල්‍යමය තත්වය  සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි  එම බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ.

රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක්  පවතින හෙයින්  මෙවැනි ක්‍රියාමාර්ගවලට  අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව  පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන   ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව  නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක්  ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ  ආර්ථිකය සම්බන්ධ  විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව  දැනගන්න  ඇත.

මේ අතර  පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ  තහනම් කිරීම වෙනුවට  ඒවායින්  අධික තීරු බද්දක්  අය කිරීමට කටයුතු කරන ලෙසටද  ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක්  නිර්දේශ කර ඇත.

සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන්  ඇතැම් නිලධාරීන්ට  සන්තෝසම්දී භාණ්ඩ  ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන්  රජයට ලොකු ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත්  එම බැංකුව වැඩිදුරටත්   සඳහන් කරයි.



අදහස් (10)

සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න

චන්දන Saturday, 12 March 2022 10:27 AM

හිතුමතයට ගන්න විවිධ අමනෝඥ තීරණ නිසා රට අගාධයකට වැටිලා. විශේෂඥයින්ගේ උපදෙස් නොතකාගත් දේශපාලන තීරණවලට මහජනතාව වන්දි ගෙවනවා...!

:       0       26

Bamunuarachchi Saturday, 12 March 2022 12:35 PM

දරුවන්ට පොකට් මනී දීලා වියදම් කලේ මොනවටද කියා දෙමාපියන් සොයා බලනවා වගේ, රටින් ගෙන්වන බඩු ගැන, බැංකුවෙන් මුදල් ලබාගෙන ගෙන්වන්නේ මොනවාද කියා මහ බැංකුව විමසිලිමත් වෙනවා නම් නිලධාරීන්ට සන්තෝසම්දී බදු ගෙන්වීම නවතා දැමිය හැකියි නේද? බදු ගැසුවාට කමක් නැහැ... චීන බාලබඩු ගෙන්වන්නේ නැතුව...

:       9       12

BamunuarachchiSaturday, 12 March 2022 04:39 PM

ඔන්න බාලබඩු කාරයෙක් ඩිස්ලයික් එකක් දාලා....

:       10       3

Lalith M Saturday, 12 March 2022 08:15 PM

බමුණෝ කියන්නේ බාලයින් ජාතියක්. පැවැත්ම හොඳ නෑ..

:       5       7

fairoosSunday, 13 March 2022 01:38 PM

බමුණා දැනි සැපද? සර් රට කන එක දැන්වත් පේනවද?

:       0       1

Samantha Saturday, 12 March 2022 12:51 PM

පසුගියදා කෝටියක ඇන්තූරියම් පැල ගෙනාවා කියලා පුවතක් දැක්කා. ඒවා අත්‍යාවශ්‍යම දෙයක්ද? එවැනි දෙයකට උපරිම දඩයක් අයකරන්න ඇත්තටම මාර්ග වැනි පහසුකම්වලට වඩා ඩොලර් උපයා ගතහැකි සංවර්ධන ව්‍යාපෘති සකසන්න බැරිද? ඒවාට කොමිස් නැතිවෙන්න පුළුවන්... නමුත් රටේ අනාගතය සාර්ථක වෙන්න හේතුවක් වේවි..!

:       1       20

Sunil Saturday, 12 March 2022 02:16 PM

මේ කරන්න යන්නේ හොඳ දෙයක් නම් නොවේ. 1929-කාලයේදී ඇමෙරිකාව ආර්ථික අවපාතයකට වැටිසිටි වෙලේ ජෝන් මර්නාඩ් කෙනිස් කීවේ... ඉන් ගොඩ ඒමට රාජ්‍ය වියදම් වැඩි කළ යුතුයි කියා... ඇමෙරිකාවට ගොඩඒමට එයම හේතුවුණා...

:       2       6

Deepal Nirosh Saturday, 12 March 2022 02:23 PM

රටේ අනාගතය වගේම අපේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගනු ලැබූ දැනටමත් ප්‍රමාද, නමුත් ඉතා කාලෝචිත බුද්ධිමත් තීරණයක්... දැන්වත් අපේ පාලකයින් මේවාට අවනත වුණොත් ජනතාවගේ වාසනාව... මොකද මේ සංවර්ධන යන අර්ථයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති අති බහුතරයක් ආනයන මත රඳා පවතින හුදෙක් පරිභෝජනවාදී ව්‍යාපෘති...

:       0       4

Rexi Saturday, 12 March 2022 03:04 PM

පාරවල් හදන්න පුළුවන් නේද? නැත්නම් ජොන්ටා පව් අනේ..!

:       1       12

ranjith Saturday, 12 March 2022 04:25 PM

ඔය කොමිස් ව්‍යාපෘති නවත්තලා මිනිස්සුන්ට කන්න දෙන්න. දුප්පත් දරුවන්ට කිරිපිටි ටිකක් ගෙනත් දෙන්න බොරු කයිවාරු නතර කරලා...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 326 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site