IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සේවානූල් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය නගරසභා ලොරියකින් හමුවේ

(සිතුම් චතුරංග)
 
වවුනියාව නගරසභාවේ කැළි කසල රැගෙන යන ලොරි රථයක තිබී බෝම්බ පිපිරවීමට යොදාගන්නා සේවානූල්, වෙඩිබෙහෙත් සහ ජාතික හැඳුනුම්පත් කිහිපයක් අද(02) සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.
 
එහි තිබී වෙඩිබෙහෙත් ග‍්‍රෑම් 35ක්, සේවානූල් මීටර පහක්  සහ ජාතික හැඳුනුම්පත් 3ක්සොයාගත් බව  පොලිසිය පවසයි.
 
ධාවනය නොකර නවතා තිබූ කසළ රැගෙන යන ලොරි රථයක සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට නගර සභා සේවකයකු විසින් වවුනියාව පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය කළ සෝදිසියකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
 
 
මේ දිනවල ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුම් කරන බැවින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් විවිධ ස්ථානවලට ඒවා ගෙනත් දමන බවට සැක කරන බව පොලිසිය වැඩිදුරටත් කියයි.
         
සැකකරු සොයා වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 



අදහස් (0)

සේවානූල් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය නගරසභා ලොරියකින් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site