
(ජයන්ත සමරකෝන්)
තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු බූස්ස විශේෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
'හයිබ්‍රිඩ් සුද්දා', 'ඉන්ද්‍රා', 'මට්ටක්කුලියේ ප්‍රියංකර' ඇතුළු සිව්දෙනෙකු මෙසේ මාරුකර යවා තිබේ.
දිවයිනේ නම ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 31දෙනෙකු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති අතර, මෙම සිව්දෙනා සමඟ එම සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇතැයි පැවසේ.
මෙම බන්ධනාගාරයේ ආරක්ෂිත තනි සිරමැදිරි 46ක් පිහිටා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ තිබෙන ලොකුම සංවිධානාත්මක අපරාධ කල්ලිය තිබෙන්නේ දියවන්නාවේ.
ඔක්කොම භයානක අය එක තැනකට එකතුකරලා, එකතු කරලා.. එතෙන්ට අපි..... ? එක්කෝ ඕනෑ නැහැ... පව් සිදුවන කතා කියන්නේ...