IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සේවකයෙකු සේවයෙන් නෙරපීමට පෙර අභ්‍යන්තර පරීක්ෂණයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )

සේවකයෙකු සේවයෙන් නෙරපීමට පෙර අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම කම්කරු නීතය යටතේ අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බව කාර්මික ආරවුල් නඩුවක අභියාචන තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කර ඇත.

සාමූහික ගිවිසුමක් නොමැති අවස්ථාවකදී හෝ සේවා කොන්ත්‍රාත් ගිවිසුමේ සේවය අවසන් කිරීමේදී අභ්‍යන්තර පරීක්ෂණයක් ගැන සදහන්ව නොමැති අවස්ථාවකදී එම අභ්‍යන්තර පරීක්ෂණය අනිවාර්ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සදහන් තිබේ.

එසේ වුවත් , එවැනි අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සේවාදායකයාට මෙන්ම සේවාලාභීයාට ද වාසිදායක බව එම තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ.

යූනියන් ඇපරල් සමාගමේ සේවයෙන් පහ කළ සේවකයෙකුට වන්දි ගෙවන ලෙස මහාධිකරණය  ලබා දුන් නියෝගයකට එරෙහිව අදාළ සමාගම විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේද සදහන් වේ.

ඇගළුම් නිසි ආකාරයට ඇසුරුම් නොකිරීම් සම්බන්ධයෙන චෝදනා මත යූනියන් ඇපරල් පෞද්ගලික සමාගමේ සේවකයෙකුවන  දිනේෂ් ප්‍රනාන්දු නැමැත්තා පහ කර ඇත.

ඉන්පසු ඔහු මේ සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභාවට පැමිණිල්ලක් කළේය.

එම පැමිණිල්ල විභාගයට ගත් කම්කරු විනිශ්චය සභව අදාළ සේවකයාව සේවයෙන් පහ කිරීමට වන්දි වශයෙන්  රුපියල් හාර ලක්ෂ විසි දහසක මුදලක් සේවකයාට ලබා දෙන ලෙසට යූනියන් ඇපරල් පෞද්ගලික සමාගමට නියෝග කළේය.

මෙම කම්කරු විනිශ්චය සභා නියෝගයෙන් අගතියට පත් යූනියන් ඇපරල් පෞද්ගලික සමාගම මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.

එම අභියාචනය විභාගයට ගත් මහාධිකරණය කම්කරු විනිශ්චව සභා තීන්දුව අනුමත කරමින් අදාළ සමාගම ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමීය.

එම මහාධිකරණ තීන්දුවෙන් අගතියට පත් යූනියන් ඇපරල් පෞද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචන පෙත්සම ගොනු කෙරිණි.

ඉදිරිපත් වූ කරුණු විමර්ශණය කිරීමේදී සේවකයෙකු සේවයෙන් පහ කිරීම පිළිබදව නීතිමය පූර්වාදර්ශ විමර්ශණය කළ යුතු බව අධිකරණයේ අදහසයි.

ඒ අනුව එස්.ආර්.ද සිල්වා මහතාගේ ‘‘ ලෝ ඔෆ් ඩිස්මිසල් ‘‘ නැමති ග්‍රන්ථයේ සදහන් කර ඇත්තේ සේවයෙකුට තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට හෝ කරුණු දැක්වීමට අවස්ථාව ලබා නොදී සේවකයෙකු සේවයෙන් පහ කිරීම හෝ වෙනත් දඩුවමක් පැනවීම අසාධාරණය බවය.සමස්ත කර්මාන්ත සේවකයන්ගේ සංගමයට එදිරිව වීරකෝන් බ්‍රදර්ස් යන නඩු තීන්දුවේ සදහන් කර ඇත්තේ අභ්‍යන්තර පරීක්ෂණයකින් තොරව සේවකයෙකු සේවයෙන් පහ කිරීමට ගන්නා තීරණය ස්වභාව යුක්ත මූලධර්මයට අනුව සිදු කර ඇති බව පරීක්ෂා කළ යුතුයි යැයි තීන්දුවේ සදහන් වේ.

ශාන්ත ඇන්ඩෘස් නඩුවේ තීන්දුව අනුව අභ්‍යන්තර පරීක්ෂණයකින් තොරව සේවකයෙකු සේවයෙන් පහ කළ පමණින් එය වැරුද්දක් ලෙස සලකා , සේවයෙන් පහ කිරීමේ තීරණය ඉවත දැමීමට නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් වේ.



අදහස් (0)

සේවකයෙකු සේවයෙන් නෙරපීමට පෙර අභ්‍යන්තර පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site