IMG-LOGO

සැර කොරෝනා සොයන පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

සැර කොරෝනා ප්‍රභේද සොයන ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොදා ගැනීමට විශේෂිත පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

මේ පරීක්ෂණ කට්ටල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් ගාල්ල කරාපිටිය, මහනුවර ,අනුරාධපුර ,මඩකළපුව යන රෝහල්වලටත් ලබාදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

ජාන විශ්ලේෂණ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ කොළඹ විශ්වවිද්‍යවල මේදිනවල සිදුකෙරෙන බව පැවසූ බටුවන්තුඩාව මහතා ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වීමට ඉඩ ඇතැයිද පැවසුවේය.

ලෝකයේම ප්‍රබල වයිරසය බවට ඩෙල්ටා පත් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සදහන් කර ඇතැයි ඔහු කීවේය.

 



අදහස් (2)

සැර කොරෝනා සොයන පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගන්න යයි

Bamunuarachchi Saturday, 24 July 2021 11:30 AM

මෙන්න මේවයි කෙරෙන්න ඕනේ වැඩ... නිකන් පාස්කු ප්‍රහාර කරපු අය පසුපස දුවන එක නොවෙයි. ඒ අය මැරුණා.. මහා මොළකාරයා අවුරුදු 1400 කට කලින් මැරුණා..

:       2       0

ase Saturday, 24 July 2021 12:44 PM

ඔව්නේ, ඒවා වටිනා වැඩ... හැබැයි දුන් පොරොන්දු ඉටුකිරීමත් ඒ තරම්ම වැදගත් නේද?.. අපෙන් එදා කතිරෙ ගත්තේ ඒ පොරොන්දු පිට නොවැ.. !! චී චී මහත්තයෝ දිව හැරෙන අතට මොකටද දොඩන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site