




(එම් .සුසිල් ප්‍රියන්ත)
පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සිසුහු මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලින් තුරන් වී ගිය දුර්ලභ ගණයේ කඩොලාන වර්ග යළි රෝපණය කිරීමට අද (11) පියවර ගත්හ.
කරන්දෙණිය මුත්තෙට්ටුව මාදු ගඟ වෙරළ පරිසර මධ්‍යස්ථානාධිපති පරිසරවේදී නලීන් ප්‍රසන්න මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය.
රටේ විවිධ ප්‍රදේශවල සරසවි සිසුහු මේ අපුරු පරිසර සත් ක්‍රියාව කිරීමට කරන්දෙණියේ මුත්තෙට්ටුව ගම්මානයට පැමිණියහ.
එසේ පැමිණි ඔවුහු මාදු ගඟේ දූපත් කරා මෝටර් බෝට්ටුවලින් ගොස් දූපත්වල ගං ඉවුරුවල කඩොලාන පැළ රෝපනය කළහ.
රෝපණය කිරීමට අවශ්‍ය කඩොලාන පැළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලැබීය. දූපත්වලට මෝටර් බෝට්ටුවලින් යන සිසුන්ගේ ජීවිතාරක්ෂාව සදහා ද නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයින් යොදවා තිබිණි.
දිවයිනේ විශ්ව විද්‍යාලවල සිසුවෝ 70 ක් මේ සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්... මෙම ව්‍යාපෘතියට මමත් මගේ ආචාරය පිරිනමනවා.
පුතේ දුවේ ඔබලාගේ මෙම උත්සාහය සාර්ථක වේවා..!! ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා..!! ඔබලාව මෙලොවට බිහිකළ ඒ ආදරණීය දෙමාපියන්ටද යහපතක්ම වේවා !!! තමන්ගේ මෙන්ම අනුන්ගේද වටිනා කාලය මෙන්ම මහජන දේපල කාබාසිනියා කරන "අන්තරේ ඉන්න අයට මෙවන් වැඩදායි යමක් රට වෙනුවෙන් කිරීමට මොලය පෑදේවා...!!!
හොඳ වැඩක්... ඒත් කිඹුළන්ගෙන් ප්‍රවේසම් වන්න..
දැන් ඔය කඩොලාන පැළ හිටවන එකත් අර කඩොලාන හා වනය විනාශකරන ව්‍යාපෘතියේම කොටසක්ද කියලා හිතාගන්න බැරිවයි මම නම් ඉන්නේ.. වැඩ දෙකම එකවර සිදුවෙන විට, තමන්ගේ වැඩේ කර ගන්න එක හරිම පහසුයිනේ නේද? කැලේ කපන එකට කිසිම විරුද්ධත්වයකුත් නැහැ.
ඉතාම වටිනා වැඩක්... සහභාගී වූ සැමට පින්... සහභාගී නොවූ අයට හිතක් පහළ වේවා..!!!
අර සුදු ඇඳගත්ත මහජන නියෝජිතයන් කියන ගොන් තඩි ඔතන නැති එක ලොකු දෙයක්...
ඔක්සිජන් කන්නද අැමති කෝ?
ඔබලාව හොරු රජ පුටුවේ ඉන්දවලා... මට පව් කියලා හිතෙනවා. නුඹලා කරන වැඩේ හොඳයි, ඒවා විනාශ කරන්න දෙන්න එපා. ඔබලාට ජය...!!!
ඉතාමත් හොඳ පරිසරකාමී ක්‍රියාවක් .. ඉහළින්ම අගය කරමු. රටේ සිටින ඉහළම බුද්ධිමතුන් පිරිස මෙවන් දේට යොමුවීම ගැන කිසිදු විවාදයක් නැහැ ප්‍රශංසා කලයුතුමයි. රටේ කිසිදු වැදගැම්මක් හෝ උගත්කමක් නැති පරසර පාළුවන් අපගේ පරසරය, ගහකොළ වනසන යුගයක ඔබ වැන්නන් කරන මේ වැනි පරසර ක්‍රියා අප මවුබිම රැකගැනීමට පරසරය රැකගැනීමට කරනා සුවිශේෂී කර්තව්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබ සැමගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... !!! ස්තුතියි.