IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


“සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න’’

(නිමල කොඩිතුවක්කු)

මේ මොහොතේ හෝ සර්වපාක්ෂක හමුවක් කැඳවා කොරෝනා වසංගතයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා  වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකට බැවින් එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

  "මෙවන් තත්ත්වයන්ට මුහුණ දී සිටින බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන,මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලවල් ආරම්භකොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී.

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකය. එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම අපි නිරන්තරයෙන්ම අවධාරණය කළ නමුත් අඩු තරමේ මේ ව්‍යසනය උග්‍ර අවස්ථාවේ හෝ සර්වපාක්ෂික හමුවක් කැඳවීමටවත් ආණ්ඩුව කටයුතු කළේ නැත. මේ වනාහී තනිව දේශපාලන වාසිය බලා තීන්දු තීරණ ගතහැකි අවස්ථාවක් නොවන බව නැවත මතක් කරමි.

එදිනෙදා ආසාධිතයින් සහ මරණ ගණන ඉහළ යනවිට එය වෙනත් රටවල ගණනින් සංසන්දනය කරමින්  ආණ්ඩුව හුදෙක් කාලකන්නි සතුටක් ලබමින් සිටින අතර එහි වන්දිය නිසැකවම ආණ්ඩුවට ගෙවන්නට වනු ඇති බව අවධාරණය කරමු" යැයි ද එහි සඳහන් වේ.

 

 

 

 

 



අදහස් (11)

“සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න’’

රට වැසියා Wednesday, 02 June 2021 10:58 AM

සර්ව පාක්ෂික සමුලු ගැන කථා කරන්න ඉස්සරවේලා තමන්ට ලැබුණු විපක්ෂ නායකකමේ තිබෙන බාරධුරබව කාගෙන් හෝ අසා ඉගෙන ගන්න. කරන්න දෙයක් නැත්තං කොහේවත් යන නැවක් හරි රටට ගෙනැල්ලා රට විනාශ කරන්න ආණ්ඩුවක් හරි තියෙනවා. ඒත්... රටට විපක්ෂයක් නැ..!

:       29       138

SamiWednesday, 02 June 2021 01:12 PM

ඔයාලා වගේ රට හරක් ඉන්නකන් මේ රට හරියන්නේ නැහැ.

:       65       26

sara Wednesday, 02 June 2021 11:10 AM

මෙතුමා එහෙම කියනවා නම් ආණ්ඩුවේ වැඩේ සාර්ථක බව පෙනී යනවා. පංගු කාරයන් වී ඡන්ද ගොඩ වැඩි කරගන්න දඟලනවා විය හැකියි..

:       23       82

Bandara Wednesday, 02 June 2021 11:21 AM

මෙන්න මෙයා නින්දෙන් නැගිටලා. පේන විදියට හෙට අනිද්දට රනිල් ලොක්කට වැඳ වැඳ පස්සෙන් යන්න වෙයි වගේ.

:       21       66

විහඟ Wednesday, 02 June 2021 12:26 PM

මෙරටට එන්නත් ද ලැබෙමින් පවතිනවා. ජනතාව ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවද පෙනෙනවා. කිසියම් ආරකට ඒවා ඉදිරියට යන බවත් පෙනෙනවා... ඉතින් කුමකටද වෙනත් යාන්ත්‍රණ..? මීළඟ පාර්ලිමේන්තුවට වික්‍රමසිංහ මහතා පැමිණෙනවලු. ඉතින් බොහෝ දේ සෙමෙන් සෙමෙන් සිදුවිය හැකියි. ඒ ගැන වඩවඩාත් සිතන්න.

:       22       56

fairoos Wednesday, 02 June 2021 12:46 PM

හොඳ අදහසක්... මිනිස්සු ඇයි මෙහෙම කුහකකම පෙන්නන්නේ..

:       54       24

diyanathWednesday, 02 June 2021 01:28 PM

දැනට බොරු විරුද්ධත්වයක් පෙන්වන, අප්පච්චිට කඩේ යන අය නිසා...

:       22       6

Prabq Wednesday, 02 June 2021 01:18 PM

මොන සර්ව පාක්ෂික සමුළුද? ආණ්ඩුවට කෝවිඩ් සම්බන්ධ පැහැදිලි කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙලක් තියෙනවා. බොරුනම් ආණ්ඩුවේ ගැත්තෙකුගෙන් අහගන්න..

:       28       18

chandima Wednesday, 02 June 2021 02:16 PM

මෙයත් ලොක්කගේ අඩිපාරෙමනේ යන්නේ ? කමිටු තියෙනවා. සම්මන්ත්‍රණ තියෙනවා. සමුළු තියන්න කියනවා. කරන දෙයක් නැහැ. ලොක්කත් ඔහොම්මනේ. හිටපු අවුරුදු 4 1/2ම කමිටු දැම්මා. සම්මන්ත්‍රණ පැවැත්වූවා. බැරිනම් වෙන කෙනෙකුටවත් දිලා යන්නකෝ.. අපිට පව් නොදී...

:       8       74

de silva Wednesday, 02 June 2021 02:18 PM

සර්වපාක්ෂික සමුලු අවශ්‍ය නැහැ.. මුට්ටි පවිත්‍රා සහ පැණි ධම්මික ඉන්නවා ඕනෙම දේකට උපදෙස් දෙන්න.

:       33       18

මැක්ස් Wednesday, 02 June 2021 02:27 PM

කොයිදේටත් විරුද්ධ වෙන කුහක විපක්ෂයක් සමග මොන සර්ව පාක්ෂික සමුලුද?

:       10       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site