(ඩයනා උදයංගනී)
පාසලක අරමුණ විය යුත්තේ සාමාන්‍ය පෙළ ‘ඒ සාමාර්ථ’ 9ක් හා උසස් පෙළ විශිෂ්ඨ සාමාර්ථ 4ක් ලබාගන්නා සිසුන් බිහිකිරීම පමණක් නොවන බවත්, සාර්ථක පාසලක් ලෙස ආඩම්බර වීමට නම් උගත් මෙන්ම යහපත් පුරවැසියන් බිහිකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
රටේ අනාගතය හා අනාගත නායකත්වය වෙනුවෙන් යහපත් පුරවැසියන් බිහිනොකළොත් පාසල් පද්ධතිය අසාර්ථක බව ද කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ බම්බලපිටිය, ශාන්ත පීතර විදුහලට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එම විද්‍යාලයේදී අද (18) පැවති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ශාකාවක් ලෙස එහි හිටපු අදියුරු මොරිස් ලෙ ගොක් පියතුමාගේ ප්‍රධානත්වයෙන් 1922 වසරේ බම්බලපිටියේදී ඉදිකළ මෙම විදුහල 1926 ජූනි 10 වන දින ශාන්ත පීතර මුනිතුමන් නමින් වෙනම විදුහලක් බවට පත්කර ඇත.
විදුහලේ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත්කිරීම, ජුබිලි ආරම්භක දිව්‍ය පූජා මෙහෙය පැවැත්වීම සහ සියවන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම ඇතුළු කටයුතු රැසක් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය.
ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘සාර්ථක පාසලක් වෙන්න නම් උගත්-යහපත් පුරවැසියන් බිහිකළ යුතුයි‘
ජනතාව Tuesday, 18 January 2022 05:12 PM
ඔබ වහන්සේ කියන දෙය සහතික ඇත්ත. හොරකමට ලැජ්ජාවක් නොමැතිව පෙළඹෙන, මහජනයා පෙලන, හෘද සාක්ෂිය මැරුණු උගතුන් සහ මේ රටේ වැරදි දේ දැක්කත් නොදැක්කා මෙන් ඉන්නා බොරුවෙන් ජීවත්වන උගතුන්ගේද අඩුවක් නැහැ. මහජන ජීවන තත්වය නගාලන්නේ නැතිව රට ඉහළට ගන්න බැහැ. හිර ගෙවල් පිරෙන එක විතරයි වෙන්නෙ. එතනත් ඉන්නෙ මහ හොරුන් නොවේ.