IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


සාර්ථක අපනයනකරුවන්ට වාසියක්

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට ඊයේ(07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

අපනයන සංවර්ධන අරමුදල මගින් මෙම අමතර මුදල ගෙවනු ලබන අතර, එය මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපූරණය කිරීමට යෝජිතය.

අපනයනකරුවන් දිරිගැන්වීම සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් රජය මෙම පියවර ගෙන ඇත.

 



අදහස් (4)

සාර්ථක අපනයනකරුවන්ට වාසියක්

Biglier Tuesday, 08 March 2022 09:14 AM

අද මහජන බැංකුවේ විනිමය අනුපාතය ඇමරිකානු ඩොලරයට රුපියල් 224.90. බැංකු අපනයනකරුවන් හූරාගෙන කනවා. දේශපාලුවෝ බොරු කියනවා

:       0       0

පිළිවල නැති වැඩ Tuesday, 08 March 2022 10:14 AM

මේ රටෙන් අපනයනය කරන්නෙ මොනාද? මල් , එළවළු, පළතුරු, තේ සහ රබර් අපනයනය ප්‍රවර්ධනයට ආණ්ඩුව වැඩ කලාද නැතිනම් කඩා වැට්ටුවාද? රජයේ රැකියා අරන් කාර්යාලවල අතිරික්තවී ඇති සේවකයන් නඩත්තුව මේ රටට බරක්. එහෙව් එකේ දෙශපාලකයින්ගෙ වැඩේ හිතවතුන්ට රැකියා දෙන්න දඟලන එක. ඒ වගේ දේවලට මුදල් නාස්ති නොකර පොහොර ටික වෙලාවට දෙන්නයි තිබ්බෙ.

:       0       0

සෝභිත Tuesday, 08 March 2022 12:57 PM

ඇයි..? ඩොලර් එකට 270ක් ගන්න පුළුවන්කම තියෙද්දී බැංකුවෙන් අඩුවට මාරු කරන්නේ මොකටද?. මොකෝ ඒවා වියදම් කරන්නේ වැඩක් ඇති දේවල් වලටයැ. වාහන ගන්ඩයි, රට සවාරි ගහන්ඩයිනේ....!

:       0       0

සිල්වා Tuesday, 08 March 2022 02:46 PM

මදි... 260/= ක් කරන්න. ලෝක වෙළෙඳ පලේ වියට්නාම් වගේ රටවල් සමග තරග කරන්න පුළුවන් විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1878 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 596 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 684 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site