(අජන්ත කුමාර අගලකඩ)
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ. බී. සරත් රූපසිරි මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රූපසිරි මහතා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල දශක දෙකකට අධික කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් ජනහිතකාමී මෙන්ම කාර්යක්ෂමව සිදුකිරීමේ අරමුණින්, මෙම නව පත්වීම ලබාදී ඇත.
COMMENTS
ඔය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළේ කවුන්ටරයේ ඉන්න බොහෝ නිලධාරීන්ගේ මුහුණේ කිසිම හිනාවක් කරුණාවක් නැහැ. බුම්මගෙන පුහුමාන්නයකින් ඉන්නේ. ඒ මුහුණු දැක්කම විදේශිකයන් දුවනවා. මම පෝලිමේ ඉන්නකොට එක නිලදාරියෙක් කෑ ගහනවා "පාස්පෝර්ට්" "පාස්පෝර්ට්" කියලා. හරියට පේමන්ට් එකේ බඩු විකුණනවා වගේ. එතන පෝලිමේ හිටපු සේරම (විදේශිකයන් ඇතුළුව) කලකිරීමෙන් මුහුණට මුහුණ බලාගත්තා. කරුණාකර නව පාලකතුමා මෙම නිලධාරීන්ට නිසි පුහුණුවක් දෙන්න. කඩේ බඩු විකුණනවා වගේ කෑ ගහන්නේ නැතුව පෝලිමේ ඉන්න ඊ ළඟ කෙනාට තම සේවය ලබාදෙන්න කථා කරනකොට "next please " කියා ආමන්ත්‍රණය කරන්න උගන්වන්න. පාස්පෝර්ට් එකේ සීල් ගසා නැවත ගුවන් මගියාට දෙනකොට "Thank You " කියන වචනය භාවිතා කරන්න පුරුදු කරන්න.