(රංජන් කස්තුරි)
සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ වන්දි ලබා ගැනීමට අපේක්ෂාකරන පාසල් සිසුන්ට ඒ සඳහා වන අයදුම්පත් සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් වසරේ (2018) දෙසැම්බර් මස 01 වැනි දිනෙන් පසුව වන්දි ඉල්ලුම්පත් බාර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
සුරක්ෂා රක්ෂාණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කළ රක්ෂණ සමාගමේ ගිවිසුම් කාලසීමාව දෙසැම්බර් මස 01 වැනි දිනෙන් අවසන් වූ හෙයින් මෙම පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අයදුම්පත් අධ්‍යාපන අධ්‍යක්ෂ , පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපාය බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020.07.16 වන දින බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් යොමු කරන ලද ඉල්ලුම් පත්‍රය සඳහා ප්‍රතිලාභ නොලැබි ඇති බව දෙමාපියන් විසින් දැනුවත් කරන ලදි. එම ඉල්ලුම් පත්‍රය සඳහා ප්‍රතිලාභ ලබා දෙන්නේද? යන්න දැන ගැනිමට අවශ්‍ය වේ.