IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතුයි’


 
බිඟුන් මේනක ගමගේ 

සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

ජාතික ආරක්ෂක පියවරක් හැටියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ කඩින්කඩ මැතිවරණ පැවැත්වුවත් දැන් එවැනි අවශ්‍යතාවක් නැතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ලංකාදීප යට කීය.

පළාත් සභා මැතිවරණය පමාවේ වගකීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරමතට ගත යුතු නැතැයි කී හෙතෙම එය සමස්ත පාර්ලිමේන්තුවේ වගකීමක් යැයි ද අවධාරණය කළේය.

මැතිවරණ පැවැත්වීමේ වගකීම නිසා පළාත් සභා මැතිවරණ පමාව ගැන මහින්ද දේශප්‍රිය මහතාට සාධාරණ වේදනාවක් ඇතත් ඊට නිශ්චිත ක්‍රමවේදයක් සැකැසීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසීය විසි පහේ කාරියක් යැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

එනිසා මහින්ද දේශප්‍රිය මහතා කොමිසමේ සභාති ධුරයෙන් අස්වීමෙන් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන්නේ යැයි ද වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

‘සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 414 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site