IMG-LOGO

’’සියලු පාසල්වල 6-9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු කඩිනමින්’’

(ඩයනා උදයංගනී)

දිවයිනේ සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිගු කලක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කිරීමේ කාර්යයේ දෙවන අදියර ලෙස දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති හෙට (8) සිට ආරම්භ වන බව දදිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඒ අනුව සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සියලුම පාසල්වල ඉහළ පන්තිවල සිසුන්ට එන්නත්දීම හමාර කර ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව රටේ පාසල්වල විශාල ප්‍රමාණයක දරුවන්ට ඉක්මනින් පාසල් ජීවිතය ආරම්භ කරන්නට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති නිසා 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා කීවේය.

අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඒ වෙනුවෙන් දරුවන් සූදානම් කිරීම මේ වන විට සිදුවන බව ද ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (3)

’’සියලු පාසල්වල 6-9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු කඩිනමින්’’

මහජනයා Monday, 08 November 2021 12:15 PM

වසංගතය නිසා වරින් වර රට වසා දැමීම විවෘත වීම සිදුවුනත්, සැමවිටම පාසල් ආරම්භ කිරීමට දින වකවානු යෙදුවේ රට විවෘතවී මසකට පමණ පසුයි. ඒ වනවිට ඊළඟ වසංගතය රැල්ලක් නිර්මාණය වෙමින් පාසල් දින කිහිපයක් පමණක් පැවැත්වීමට සිදුවිය. මෙම පසුගිය අත්දැකීම් අනාගතයේ යහපත් තීරණ ගැනීමට යොදා ගන්නේ නම් අගනේ ය. දැන්වත් මාර්ගගත අධ්‍යාපනය ගැන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍ර ලේඛන මගින් නිර්ණායක හා නියාමනය සිදුකල යුතුමයි. මේ සඳහා ගුරුවරුන්ට පාසල්වල ඇති සම්පත් භාවිත කිරීමට අවස්ථාව දිය යුතුය. අගහිඟකම් සහිත දරුවන්ට මධ්‍යස්ථාන (පාසලම යොදාගත හැක) ඇතිකරමින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස්කර තබන්න. හදිසි රට වැසීමකදී දරුවන්ට පාසල් අධ්‍යාපනය තව දුරටත් මග හැරීමට ඉඩ නොදෙන්න. රට මෑත කාලීනව ආර්ථිකව වැටෙන වැටිල්ල ට වඩා දිගුකාලීනව අධ්‍යාපනය යෙන් වැටෙන වැටිල්ල හානිදායක වනු ඇත.

:       0       1

ඇත්ත Monday, 08 November 2021 01:58 PM

කරුණාකර සියළු දරුවන් අර්ධ එන්නත්කරණයකට හෝ යොමු කරන්න. ඕනෑම රෝගයක් පාසැල් දරුවන් අතර වේගයෙන් බෝවීමට ප්‍රවනතාවය වැඩි බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

:       0       2

ලලිත් අම්බලන්ගොඩ Monday, 08 November 2021 02:29 PM

අර්ධව නොව අංග සම්පූර්ණව එන්නත් ලබා දී පාසල් ආරම්භ කරන එක තමයි වඩාත් සුදුසු.එසේ නොවුව හොත් අනා ගතේ කුමක් වේවිද කියල හිතා ගන්න එක එතරම් අපහසු නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site