(අජන්ත කුමාර අගලකඩ)
සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත.
ඒ අනුව, පළාත් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත අද(20) දිනයේදීම යැවූ බව ආණ්ඩුකාරවරු කිහිපදෙනෙක්ම සඳහන් කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස කිහිපයකට ඉහතදී පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් නවදෙනෙකු පත්කරන ලදී.
ඒ අනුව, ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, සරත් ඒකනායක මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ෂාන් විජයලාල් ද සිල්වා මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ධම්ම දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළහ.
COMMENTS
ඉතාමත්ම හොඳයි මේ රටේ සියලුම පළාත්වල ආණ්ඩුකාරවරුන් සිංහලයින් විය යුතුයි. විශේෂයෙන් අන්තවාදීන්ට තනතුරු ලබා නොදිය යුතුයි.
වැඩකට නැති නිකම් සල්ලි නාස්ති කරන තනතුරක්. ඔය වගේම සියලු පළාත් සභාත් අයින් කරලා දාන්න. එම මුදල් වලට මහජන හිත සුව පිණිස පාරවල් , පාලම්, සෞඛ්‍යය පහසුකම් වගේ මහජනයාට ප්‍රයෝජනයක් වෙන දේවලට මුදල් යෙදවුවොත් අනෙක වාරයක් කෘත ගුණ සලකාවි.
පළාත් සභා සියල්ලම අහෝසි කරන්න එවිට, උතුරු, නැගෙනහිර සම්බන්ධයෙනුත් ප්‍රශ්නය ඉබේටම නවතීවි.