IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සයිටම් ආයතනයේ වර්තමාන තත්ත්වය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

(නාලක සංජීව දහනායක)

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.

සයිටම් ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ බවති එම ආයතනයේ හිමිකරුවන නෙවිල් ප්‍රනාන්දු මහතා හමු වී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසීය.

සයිටම් රෝහල රජයට පවරා ගැනීමට අත්සන් කළ ගිවිසුම අනුව පැවති රජය කටයුතු කර නොමැති බවත් තමන් බැංකුවලට ණය වී සිටින බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනන්දු මහතා තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා කීය.

මේ පිළිබඳව තොරතුරු හෙට (12)  ජනාධිපතිවරයාට ලබාදෙන බවද අමාත්‍යවරයා ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (5)

සයිටම් ආයතනයේ වර්තමාන තත්ත්වය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

sunel Tuesday, 11 February 2020 01:42 PM

එතකොට දැන් සයිටම් එක හොඳද අායෙත් පටන්ගන්න..?

:       0       0

jayath Wednesday, 12 February 2020 03:55 AM

මේ ප්‍රශ්නෙට සාධාරන විසඳුමක් දෙන එක යුක්ති සහගතයි. ඒ මෙන්න මේ හේතු හින්ද 1) මේ රටේ ප්‍රදාන පෙලේ පුද්ගලික රෝහල් ගණනාවක් තියන මුදල් ආයෝජනයත් කළහැකි පුද්ගලයෝ කවුරුවත් මේ වැඩේ පටන් ගත්තේ නැහැ. මොකද ඔය සායනික පුහුණුව එයාලගේ රෝහල් වල දුන්නට ඒක ප්‍රමිතියට නැති හින්දා 2) එහෙම තියෙද්දී මෙයා මේක පටන් ගත්ත සුරංගනා කතා කිව්වා, සමහරු කියන විදියට කළා උපාදිධාරීනුත් ගත්ත නමුත් අවසානයේ මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවෙන්න ඇති නමුත් අමාරුවේ වැටුනේ මේ රටේ අහිංසක ළමයි ( හුඟක් දොස්තරලගේ ළමයිනුත් ඔකේ ඉන්නවා ඒක වෙනම කතාවක් ) 3) මොනවා උනත් ඔය අයිතිකාර දොස්තරමහත්තය ජේ ආර් ටත් ඔලුව නොනමපු ජාතියේ කෙනෙක් ඉතින් ළමයින්ට වගේම එයාටත් සාධාරණයක් වෙනවානම් තමයි හොඳ.

:       0       0

Perakum Wednesday, 12 February 2020 04:12 AM

මේ මොනතරම් ජාතික අපරාධයක්ද? අපේ ළමයි දුරු රටවලට ගොස් රටේ විදේශ විනිමය වැයකොට වෛද්‍ය උපාධි රැගෙන අවුත් මේ රටේ වෛද්‍ය සේවය කරනවට වඩා නරකද මේ වෛද්‍ය විද්‍යාලය නිසි පරිදි සකස්කර මේ රටේ ළමයින්ට එය විවෘත්ත කරන එක? එමගින් කොයි තරම් විදේශ විනිමයක් ඉතුරු කරගත හැකිද? එසේම විදේශ ශිෂ්‍යයන් ඇතුලත් කරගෙන විනිමය උපයා ගත හැකි නොවේද?

:       0       4

කසුන් Wednesday, 12 February 2020 04:37 AM

ජනපතිතුමනි, හැකි ඉක්මනින් සයිටම් වෛද්‍ය විද්‍යාලය නැවත ආරම්භ කරන්න. සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව නිවැරදිව ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න.

:       0       4

කපුරුහාම් Wednesday, 12 February 2020 08:13 AM

වෛද්‍ය සංගමයේ සභාපති ගෙනුත් විමසීමක් කෙරුවා නම් හොඳ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 90 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site