(ඩබ්. ඒ. පියතිලක)
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව පුලස්තිපුර පොලිසිය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමග ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ පිටාරගලා තිබේ.
සෝමාවතිය වෙත පැමිණෙන වන්දනාකරුවන්ට පූජා භූමි මාර්ගයට ඇතුළු කර නොගැනීමටත්, පූජා භූමියේ සිටින වන්දනාකරුවන් ඉවත් කිරීමටත් මේ වන විට කටයුතු කරන බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.
ගංවතුර තත්වය විමසා බැලීමෙන් පසු සෝමාවතිය පුද බිම වැඳීමට පැමිණෙන ලෙස පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වාසනාව! දැන් බලන්න යහපාලනේ කාලයේ උතුරු මැද මිනිස්සුන්ට බොන්න වතුරවත් තිබ්බේ නැති තරමට පෑව්වා. යකුන් අරක්ගෙනයි සිටියේ, දැන් වතුර තියෙනවා ඇති පදම් මේවා බහින්නේ පොළවට, පොළොවේ උල්පත් පිරෙනවා, රට සරුසාර වෙනවා. අපේ ආණ්ඩුව ආ නිසයි මේ ආශිර්වාදය! දෙවියොත් මේ රටට දැන් වඳිනවා...!