IMG-LOGO

සම්බන්ධන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලයි

(එෆ්.අස්ලම්)

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බලහත්කාරයෙන්  බලයේ සිටින රජය පලවා හැරීම සදහා ජාත්‍යන්තර රටවල් මැදිහත් වී කටයුතු කළයුතු යැයි දෙමළ ජාතික සන්ධානය මෙරට  විදේශීය තානාපතිවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටිති.

වත්මන් දේශපාලන අර්බුධකාරී තත්වය නිරාකරණය කිරීම සදහා ජාත්‍යන්තර රටවල් වල මැදිහත් වීම ඉතා වැදගත් බවද මෙහිදී අවධාරණය කොට තිබේ.

මෙරට සිටින විදේශීය තානාපතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් කොලඹ පිහිටි  විපක්ෂනායක කාර්යාලයේ දී ඊයේ(20)  පැවති  අතර එහිදී දෙමළ ජාතික සන්ධානය  මෙම ඉල්ලීම සිදුකොට තිබේ. 

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පලකල දෙමළ ජාතික සන්ධනයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන්  මහතා මෙසේද කීය.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ නිසා රටේ  දේශපාලන වශයෙන් හටගෙන තිබෙන අර්බුදකාරී තත්වය ගැන කොලඹ සිටින විදේශීය රටවල තානාපතිවරුන් හ රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත අපි පැහැදිලි කර දුන්නා.

අග්‍රාමාත්‍ය ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා  පසුගිය ඔක්තෝබර් 26 වැනි දා ඉවත් කිරීමත්, නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත්, පාර්ලිමේන්තුව වාර අවසාන කර කල් තැබීමත්, ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමත්, අධිකරණය  විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අතුරු තහනමක් පැනවීමත්, කෝටි ගණන් දී මන්ත්‍රීවරුන් ගනිමින් බහුතරය පෙන්වීම සදහා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවය ගත් උත්සහායත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව පාර්ලිමේන්තුව රැස්වූ තෙදිනක කාලය තුල  සම්මත  කරගත් විශ්වාසභංගත්, එකී විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමත්, ඒ හේතුවෙන් රට තුළ හටගෙන තිබෙන දේශපාලන අර්බුධකාරී තත්වය ගැනත් මෙහිදී සාකච්ඡා කළා.

රටේ දැන් රජයක් නැහැ. අගමැතිවරයෙක් නැහැ. ජාතික ගැටළුවට දේශපාලන විසදුම් ගෙන ඒම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහායද මෙම තත්වය මැද නැවතී තිබෙනවා.එමෙන්ම රජය විසින් ඉටුකරන බවට පොරොන්දු වූ කාර්යන්ටද බාධා එල්ල වුනා.

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් මේ දෙසැම්බර් 31 කට පෙර මුළුමනින්ම නිදහස් කරන්න ඕනෑ.දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. අතුරුදහන් වූවන් සෙවීම සදහා ස්ථාපිත කළ කර්යාලය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට පියවර ගත යුතුයි.

ලබන වසරේ මාර්තු මාසය අවසන් වන්නට පෙර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න ඕන. මේ කාර්යන් ශ්‍රීලංකවේ රජයක් නොමැතිව අගමැතිවරයකු නොමැතිව  අඩපණ වී තිබීම අනුමත කළ නොහැකීයී. මේ කාර්යන් ප්‍රමාදයකින් තොරව කඩිනමින් සිදුවිය යුතුයි.

රටේ මේ වනවිට හටගෙන තිබෙන දේශපාලන අස්ථාවරභාවය තවදුරටත් පැවතිය හොත් රටේ නීතිය හා සාමයටද බාධා විය හැකීයි. එමෙන්ම සමාජ විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවන්ද ඉහළ යනු ඇති. එවන් අවස්ථාවක දී සුළු ජන කොට්ඨාසවලට විශේෂයෙන් දෙමළ ජනතාවට බලපෑම් එල්ල විය හැකීයි.

බහුතරය නොමැති බලයක් නොමැති ආණ්ඩුවක් අහිතකර මෙන්ම අති භයංකරයි.එනිසා මේ පාලනය කඩිනමින් ඉවත් කරලීමට ජාත්‍යන්තරය මුල්වී කටයුතු කළ යුතුයි කියල අපි ජාත්‍යන්තර රටවලින් ඒ රටවල්හි තානාපතිවරුන් මාර්ගයෙන්  ඉල්ලා සිටියා. ඔවුන්ගේ රටවල්වල සහාය  මේ මොහොතේ ලබා දෙන්න කියල අපි ඉල්ලා සිටියා.

මේ කාරණාවන් සම්බන්ධයෙන් විදේශීය තානාපතිවරුන් අපෙන්  ප්‍රශ්න ගණනාවක් ඇසුවා. ඒ ප්‍රශ්නවලට අපි නිසි  පිළිතුරු ලබා දුන්නා. දේශපාලන අර්බුධය සමථය කිරීමට් මැදිහත් වන බව ඔවුන් අප වෙත සහතික වුනා. මේ සාකච්ඡාව ගැන අපි  තෘප්තිමත් වෙනවා. කියන්න ඕන හැම දෙයක්ම අපි එයාලට කියුවා යැයිද විපක්ෂනායකවරයා අවසන් වශයෙන් සදහන් කළේය.

මෙම සාකච්ඡාව සදහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගී වූ අතර සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පැවතිනි.



අදහස් (16)

සම්බන්ධන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලයි

chris Wednesday, 21 November 2018 10:46 AM

මේ ජාත්‍යන්තරය තමයි ලංකාව විනාශ කරන්නේ. ආත්ම විස්වාශයක් නැති මේ දේශපාලුවන් රටේ ජනතාවට වඩා ජාත්‍යන්තරය විස්වාස කරනු පෙනේ. මේ දේශපාලකයින් අපේ රටේ ජනතාව ජාත්‍යන්තරයට බිලි දී ඇත

:       205       663

සේනක Wednesday, 21 November 2018 12:05 PM

ඇයි සම්බන්ධන් මහත්තයෝ තවත් දෙමළ ජාතියට ඊලමක් හදන්නද? තමුන්නාන්සේලා පර සුද්දන්ට කඩේ ගිහිල්ලා රට අස්ථාවර කරන්න එපා. අපි දන්නවා ඔබතුමාලගේ පැවැත්ම තියෙන්නේ රනිල් අගමැති වුනොත් විතරයි කියලා...

:       1259       1210

naradhaWednesday, 21 November 2018 12:31 PM

අවාසනාවකට, අපි මේ පාර සුද්දන්ගෙන් ණය ගත්ත නිසා, ඒ අයට ඉබේම අපේ රටේ කටයුතුවලට ඇඟිලි ගහන්නට පුළුවන් වෙලා තියෙනවා.

:       314       652

Nuwan Wednesday, 21 November 2018 12:25 PM

මේක මහපුදුම වැඩක්නේ! ආක්‍රමණ විදිහට ඇවිත් ලංකාවේ බින්න බැහැපු අයයි, තොරම්බල් වෙළඳාමේ ඇවිත් බින්න බැහැපු අයටයි ඕනෑ විදිහටද සිංහල රටේ වැඩ වෙන්න ඕනේ? මොන දේශපාලන පෙරළි තිබුණත් පර සුද්දන්ගේ අත පෙවීම් ඕනේ නැහැ අපිට. ඔහේට ඕනේ නම් තමිල්නාඩුවේ නැත්නම් අරාබියේ ගිහින් කර ගන්න.

:       1004       1322

SiranWednesday, 21 November 2018 03:15 PM

පර සුද්දෝ කියකියා ඒ අයගේ ඇඳුම්, කොම්පියුටර් හැම දෙයක්ම පිටරටින්, කොයි වෙලේද ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට, කැනඩාවට පනින්නේ කියා බලාගෙන ඉන්න කට්ටිය, ඒ අයගේ ණය ආධාර නැත්නම් පාන් පෝලිම් යුගය, ගැහැණු ටික අරාබියේ එවන ඩොලර් ටිකෙන් යන්තම් ගොඩ, රජයේ සේවකයිනට මාස්පඩිය පෙන්ෂන් එක ගෙවන්නත් IMF ලෝන්... තව කියන්න ගොඩයි මහත්තයෝ....

:       0       0

chandrasena gamage Wednesday, 21 November 2018 12:43 PM

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති වූ විට ඊට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතුයි. නැතිනම් මේ රට අමු සොහොනක් වේවි...

:       853       879

සේනක Wednesday, 21 November 2018 01:14 PM

හරි ඔබතුමා කියන්න බලන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුන තැන.එතකොට ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පිටරට සුද්දෝම අවශ්‍යයිද? අනේ ඉන්න මහත්තයො සුද්දන්ට කඩේ යන්නැතුව. ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න මිසක් ඇති කරන්න මැදිහත් වුණේ නැහැ. එතකොට අවුරුදු තිහක් යුද්ධයක් තියෙන කොට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද කියලා හොයලා බැලුවද?.

:       263       373

NuwanWednesday, 21 November 2018 01:33 PM

පෘතුගීසි, ලන්දෙසි, ඉංග්‍රීසි ඇවිත් මේක ඇවිත් සුරපුරයක් කරලනේ ගියේ නේද?

:       136       185

tommyWednesday, 21 November 2018 02:10 PM

මේක අද සුරපුරයක් නොවුනට, ඔය කියන ඇත්තෝ ලංකාවට ආවේ නැත්නම්, අපි තවමත් කුල බේධ වලින් පිරි, පයින් ගමන් කරන, රජෙකුට ආවඩන ජාතියක්. අද සිදුවෙලා තියෙන්නේ අපි ඒ අයගෙන් දරන්නට බැරි විදියට ණය අරගෙන නිකම්ම යටත් වෙච්ච එකයි. එමනිසා, වැරැද්ද ඔවුන්ගේ නොවේ, අපේමයි.

:       375       254

BamunuarachchiWednesday, 21 November 2018 11:56 PM

ජාත්‍යන්තරය මැදිහත් වෙන්නේ ඔවුන්ගේ වාසියට. රුසියාවයි ඇමරිකාවයි මැදිහත් වෙලා සිරියාවට වෙලා තිබෙන දේ පෙනෙන්නේ නැද්ද. ඔය දෙගොල්ලෝ මෙරටට ආවොත් මොකද වෙන්නේ.

:       0       0

Nuwan Wednesday, 21 November 2018 02:38 PM

ටොමි මහත්තයෝ! ඔය කියන සුද්දෝ ඇවිල්ලද කුල බෙදේ නැති කලේ? අයියෝ ඉතිහාසය!

:       59       155

rasika Wednesday, 21 November 2018 03:41 PM

දැන් ජාත්‍යන්තරය එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදය අරන් දීපු රටවල් ටිකක් මෑතකදී, 1. ලිබියාව, 2. ඉරාකය 3. ඇෆ්ගනිස්ථානය 4. සිරියාව 5. ඉරානෙට ලගදීම ලැබෙයි. මේ ඔවුන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ලබාදුන් රටවල්ය.. සම්බන්දන්ටත් ඕනේ මේවගේ දෙයක් වෙන්න ඕනේ..

:       1       95

Chanak Los angeles Wednesday, 21 November 2018 04:07 PM

ඔව් ඒ සඳහා ඔවුන්ට අයිතියක් ඇත.

:       1001       1

BamunuarachchiWednesday, 21 November 2018 11:39 PM

මෙන්න තවත් කත් අදින්නෙක්

:       0       0

BamunuarachchiThursday, 22 November 2018 12:05 AM

ජාත්‍යන්තරයට ආරාධනා කොරන්න රටේ සුලු ජාතියක් වන ඔවුනට කිසිම අයිතියක් නැත

:       0       0

Bamunuarachchi Thursday, 22 November 2018 12:01 AM

සම්බන්දන් මහින්දට රටේ ජනතාවගේ බහුතර බලය තිබෙනවා. ඒ බලය ඔබලා යවන්න තරම් තිබෙනවා නේද කියා ඡන්දෙකට ගිහිල්ලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site