(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
සමනලවැව ජලාශය පිරීයාමෙන් සමනලවැව පෝෂණය වන වලවේ ගඟ ඉස්මත්තේ පිහිටි බටුගම්මන, තිත්තවැල්ආර, වැලිකුඹුර, වෙනිවැල්ගැට ආර, දෙකිඳ, තුන්කිඳ ආදී ප‍්‍රදේශ වසර දහයකට පමණ පසු ජලයෙන් යටවෙමින් පවතියි.
මේ දිනවල ශ‍්‍රීපාද අඩවියට සහ හෝර්ටන් තැන්න ප‍්‍රදේශයට ඇදහැළෙන මහවැනි නිසා වලවේ ගෙඟ් සහ බෙලිහුල්ඔයේ ජල මට්ටම් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් සමනල වැව ජලාශය මෙසේ ජලයෙන් පිරී යමින් පවතියි.
සමනලවැව ජලශයට ජලය පිරවීමේදී මෙම ගම්මාන යට වූ අතර පසුව ජලය අඩු සමයන්හිදී එම ගම්මාන වල තිබූ කුඹුරු වගා කිරීමට ගම්වැසියෝ කටයුතු කළහ.
COMMENTS
වැස්ස වහිනවා කියන්නේ විදුලිබල මණ්ඩලයට සල්ලි වහිනවා වාගෙ. වැස්ස නිසා තාප විදුලිය උත්පාදනය අඩුකරන්න පුළුවන් නේද. අන්තිමට පරිභෝගිකයෝ ඒ අයගේ බිල් ගෙව්වොත් තමා හොඳ. දැන් සමනල වැවේ ජලය කාන්දුවීම නතරවෙලාද.
නුදුරේදීම ධාර්මික රජෙකු බිහිවීමට නියමිත බව දන්නා සොබා දහම පවා සතුටට පත්වී ඇති සැටියක් පෙනෙයි.
ධර්මරත්න මහත්මයා... මොකද ඔබතුමා ධර්මලන්තයේ අනාගත රජෙක් ගැන සිහින මවන්නේ? මොකද දැනට ඉන්න කෙනාට ඔබතුමා අකමැතිද..?
එතකොට එම ජලය කාන්දු වුණාම මිනිස්සුන්ට කන්න බොන්න වගා කටයුතු සිදුකරන්න ලේසි නේද එයාලා (මිනිස්සු) කියන්නේ එයාලාට දෙවියන් දීපු ආශිර්වාදයක් කියලා නේද?