(බිඟුන් මේනක ගමගේ)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණෙන් පැරැණි සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීමට දේශපාලන පක්ෂ නායකයන් තීරණය කිරීම විහිළුසහගත යැයි ද ක්‍රමය වෙනස් කළ ද නොකළ ද මැතිවරණ පැවැත්වීමට ගතවන කාලයෙහි වෙනසක් නොවන්නේ යැයි ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
පරණ ක්‍රමයට යන්නේ නම් පවතින ක්‍රමය අවලංගු කරන බවට හා අලුතින් යම් ක්‍රමයක් අනුගමනය කරන බවට වෙන වෙනම පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද ගජනායක මහතා කීය.
යම් හෙයකින් ඒ සඳහා එක් පනතක් සකස් කළ ද මහජන අදහස් දැක්වීම්වලට ඉඩ දෙමින් නීති කෙටුම්පත් කරන විට පනත් සම්පාදන ක්‍රියාවලියට මාස දෙකක කාලයක් ද මැතිවරණය පැවැත්වීමේ කටයුතු සම්පාදනයට මැතිවරණ කොමිසමටත් තවත් මාස දෙකක කාලයක් ද ගතවනු ඇතැයි ද ගජනායක මහතා අවධාරණය කර කීය.
ඒ අනුව පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අඩුම තරමින් මාස පහක කාලයක් ගතවනු ඇතැයි කී හෙතෙම අවශ්‍ය නම් 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගැනීමට කිසිදු නොහැකියාවක් නැතැයි ද සඳහන් කළේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් කතානායකවරයාට හා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට ලිඛිතව කරුණු දැනුම් දෙන්නේ යැයි ද ගජනායක මහතා කීය.
අගමැති සමාලෝචන කමිටුවේ වාර්තාව පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා නිකුත් කිරීමට නියමිතව පැවැතිය ද සිදු වූ දේශපාලන බල අරගලය නිසා ඊට සිදු වූ දෙයක් නැතැයි චෝදනා කළ හෙතෙම එම වාර්තාවට කුමක් වීදැයි අගමැතිවරයා වහා රටට හෙළි කළ යුතු යැයි ද කීවේය.
අගමැති සමාලෝචන කමිටුවට අවශ්‍ය නම් සීමා නිර්ණ වාර්තාව ගැන සිය තීරණයට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන ජනාධිපතිවරයා නිකුත් කරන ගැසට්ටුවක් මගින් නව මැතිවරණ ක්‍රමයට නිල බලය ලබා දිය හැකි යැයි ද එවිට මැතිවරණ කොමිසමට මැතිවරණය කඩිනමින් පැවැත්විය හැකි යැයි ද ගජනායක මහතා කීය.
පැරැණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වුවහොත් කාන්තා නියෝජන ප්‍රතිපත්තිය ද අර්බුදයට යනු ඇතැයි කී හෙතෙම ඒ ගැන දේශපාලන පක්ෂ නායකයන් කිසිවක් කියා නැතැයි ද පැවසීය.
පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානය ඇතුලුව පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව පසුගිය වසරේ ජූලි මාසයේදී සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
මේ වනවිට පළාත් සභා හයක කාලය අවසන්ව ඇති අතර මාර්තු 29 වැනිදා දකුණ හා බස්නාහිර පළාත් සභාවල ද සැප්තැම්බර් 20 ඌව පළාත් සභාවේ ද කාලය අවසන් වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමානුපාතික ක්‍රමයෙන් ඡන්දය කඩිනම් කරන්න බෑ
Bamynyarachchi Monday, 07 January 2019 12:28 PM
කොහොම කොහොම හරි කමක් නැහැ.... ඉක්මණට ඡන්ද තියන්න. එජාපය ගහලම එලවන්න.