IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’සමුදුර’’ නැව ධීවර යාත්‍රා වෙත ළඟාවෙයි

(සජීව විජේවීර) 

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමට හසුවී ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට සහාය වීමට ගිය නාවික හමුදාවේ සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවෙත ළඟා වී ඇතැයි නාවික  හමුදාව පවසයි.

සමුදුර නෞකාව එම බහුදින යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන හා ආහාරපාන රැගෙන පිටත්ව ගියේ පසුගිය 21 වැනි දින දී ය.

නාවික හමුදාව පවසන්නේ එම බහුදින යාත්‍රා සමඟ සන්නිවේදන සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර මේ වනවිටත් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන එම යාත්‍රාවලට අවශ්‍ය වෛද්‍යාධාර, ආහාර, ජලය සහ ඉන්ධන සැපයීමට අවශ්‍යපරිදි කටයුතු කරන බවයි.

මේ වනවිට ඉන්දියන් සාගරයේ කුණාටු තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති අතර මේ ධීවරයන් සියළු දෙනා නිරුපද්‍රිතව ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට රැගෙන එ්මට හැකි බව ද නාවික හමුදාව සඳහන් කරයි.
 
 



අදහස් (3)

’’සමුදුර’’ නැව ධීවර යාත්‍රා වෙත ළඟාවෙයි

Jay Saturday, 23 May 2020 08:09 AM

විශිෂ්ඨ ක්‍රියාවක්. නාවික හමුදාව නැතිනම් මේ වගේ අවස්ථාවල ඔවුන්ට සරණ වීමට කිසිවෙකු නැහැ. මේ වගේ ක්‍රියාවලට පැසසුම් කළයුතු වන අතර, අර නාවික හමුදාවට අපහාස වන අයුරින් කමෙන්ට් දාපු අය සහ ගෙදර අාපු අය හොයහොයා කෝල් දීපු අය මොකද දන්නේ නැහැ මේ වගේ ක්‍රියාන්විතවලට කියන්නේ...?

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 08:45 AM

සත්‍ය වශයෙන්ම,මේ අගනා ක්‍රියාවට නාවික හමුදාපති තුමා ඇතුළු ඊට සම්බන්ධ සියලුම නාවික හමුදාවේ අයටත්,මෙය පරිපාලනය කළ සියළු දෙනාටත්,රජයටත් ස්තුති වේවා !!! වැරදි අඩුපාඩු වලදී රජය විවේචනය කරන අපි මෙවන් අවස්ථාවලදී රජයට ස්තුති කිරීමටද අමතක නොකරන්නෙමු.

:       0       52

de silva Saturday, 23 May 2020 09:46 AM

ඉන්දුනීසියාවේ තිබෙන ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයට බැරිද එහෙ රජය සමග සාකච්ඡාකර මේ යාත්‍රාවලට අවශ්‍ය දේවල් සපයලා නැවත ලංකාවට එවන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site