(චමිල් රූපසිංහ)
සමෘද්ධියේ හොරට පත්විම් දීම සඳහා සැකසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තුමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත්ත ද එය මැතිවරණ කොමිසමෙන් සොරකම් කර ඇති බව එස් බි දිසානායක මහතා පැවසීය.
එම ලිපි ගොනුවේ හොරට සමෘධිය දීම සඳහා හොරට සැදූ සහතික පත් විශාල ප්‍රමාණයක් ද පරණ දින යොදා පත්වීම් දීම සඳහා සැකසු පත්විම් ලිපි විශාල ප්‍රමාණයක් ද තිබූ බව දිසානායක මහතා කීය.
කිවුල්ළිඳ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී අද (31) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී දිසානායක මහතා මෙසේ පැවසීය.
සමෘද්ධි කොමසාරිස් ජනරාල් කරන වැඩේ නීතිවිරෝධි බවත් මේ සම්බන්ධව ඔහුට වගකීමට සිදුවන බවත් හෙතෙම කීය.
සමෘද්ධි ව්‍යාපාරය ආසියාවේ තිබෙන ශක්තිමත් ව්‍යාපාරයක් බවත් එය සෑදී ඇත්තේ දුප්පතුන්ගේ ලෙයින් දාඩිය මහන්සියෙන් හම්බකර ජනතාවගේ මුදල් වලින් සැදුම් ලත් සමෘධිය අග්‍රාමාත්‍යවරයා මේ රටේ සිටින ලොකුම ගිනිපොලී කාරයා වන දයා ගමගේ මහතාට බාරදී ඇති බවද ප්‍රකාශ කළේය.

COMMENTS
සමෘද්ධි මහල් මන්දිරය නම් තවම තියෙනවා හඟුරන්කෙත...
සමෘද්ධි ව්‍යාපාරය තුළ සිදු වෙන වංචා මෙයා දන්නා තරම් වෙන කවුරුවත් දැනගන්න විදියක් නැහැ. මේ රටේ "සමෘද්ධි නම් එස් බි දිසානායක. එස් බි දිසානායක නම් සමෘද්ධි". ඒ තරම් ලග සම්බන්ධකම් තියන්නේ මෙයාටත් සමෘද්ධි ව්‍යාපාරයටත්.
සමාවෙන්න මට ...අර පසුපසින් ඉන්නේ මොහුගේ බොඩිගාඩ් කෙනෙක්ද?
අනේ අපොයි, බෝ පැලයක් කතා කරයි.
එකවගේ ගෙවල් තැන් තුනක හැදුවේ...? කුණුත් එක්ක පුච්චන්න ඇතිනේද? වීදුරු ගෙවල්වල ඉඳගෙන අනුන්ට ගල්ගහන්න එපා කියලා දන්නේ නැතිව ඇති...
මැතිවරණ කොමිසමේ ගරුත්වයට සහ ජනතා විශ්වාසය පලුදුවන බේගල් ඇදබාන මොහුව අත්අඩන්ගුවට ගෙන ආයෙත් අවුරුදු දෙකකටවත් ඇතුළට යවන්න ඕනෑ. මේ වගේ අය එක්ක මොන රට හැදිලිද?
ඕක මොකක්ද සර්..? පුරවැසියන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පුරවැසිකම ඉල්ලපු ඉල්ලුම්පත්‍ර නැතිවෙනවා. ආමි එකෙන් ඉල්ලා අස්වීම් ලිපිගොනු එහෙමත් නැතිවෙනවලු... කටුගේ තියෙන කඩු නැතිවෙනවා. කෝටි ගණන් දේපල තියෙනවා අයිතිකාරයන් නැහැ. රෑ නිදියලා උදේ බලනකොට ගෙවල් ඉස්සරහ මැණික් මලු තියෙනවා... අයිතිකාරයන් නැහැ. සමහර පන්සල්වල මිනිස්සු අලි පැටව් දාලා යනවා. හඟුරන් කෙත පැත්තේ කෝටි ගණන් වටිනා මන්දිර තියෙනවාලු... අයිතිකාරයින්ට කියන්න බැරිලු හදන්න සල්ලි ලැබුනේ කොහොමද කියලා. මේක මහා පුදුම රටක් සර්....
අලසයින්ට නිදියගෙන මාසෙකට සැරයක් කීයක් හරි හොයාගන්න හදපු නිකමුන් බෝ කරන ලොව ලොකුම ව්‍යාපෘතිය තමයි. තව ඉතින් උපාධිධාරීන් දහස් ගණනකට මහජන බදු මුදලින් පඩිත් ගෙවනවා. සමෘද්ධි නියාමක, කළමනාකරුවන් වගේ. රටට කිසිම සංවර්ධන දායකත්වයක් නැති හිස් ව්‍යාපෘතියක්...