IMG-LOGO

ස්පුට්නික් 1,20,000ක් සඳුදා දිවයිනට

(ඩයනා උදයංගනී)

ස්පුට්නික් - v පළමු මාත්‍රාව ලබාගෙන ඇති අයට දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එමඑන්නත් 1,20,000 ක ප්‍රමාණයක් ලබන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙම එන්නත් පළමු මාත්‍රාව ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත බව ඇමතිවරයා සඳහන් කළේය.

 ඒ අනුව මෙරට  ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ 1,50,000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් අතර ඒ අතරින් අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ද ලබා දී තිබේ.

ඉතිරි පිරිසට දෙවන මාත්‍රාව ලබාදීම දින තුනක් ඇතුළත ආරම්භ කෙරෙන බවත්, එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු බවත්අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඖෂධ ආනායනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ දී අද (15) පැවති සමාලෝචන සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩක් පූර්ණ එන්නත්කරණය කර ඇතැයි කී ඇමතිවරයා, ස්පුට්නික් එන්නත් තොගය  ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ සියයට 99 ට වැඩි පිරිසක් එන්නත්කරණය කර අවසන් වන බවද කීය.



අදහස් (1)

ස්පුට්නික් 1,20,000ක් සඳුදා දිවයිනට

Wedage Thursday, 16 September 2021 02:11 AM

මම ගුරැදෙනිය ,පිචිචමල්වත්ත පදිංචි අවුරුදු 65 වන අයෙක් වෙමි. මා මෙහි පලමු එන්නත ලබා ගතිමි. සේවයට යාමට අවශ්‍ය බැවින් මෙහි දෙවන එන්නත ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 943 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1323 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site