IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සඳහිරු සෑයට කොත් පළඳවයි

(බී.ජී. චතුරංග)

තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත්‍රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකල අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළඳ වීමේ පිංකම අද උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කෙරුණු මෙම මහා චෛත්‍ය සඟසතු කොට පූජා කිරීම, දෙස් විදෙස් බැතිමතුන් හට වන්දනාමාන කිරීමේ අවස්ථාව ලබා දීම ලබන නොවැම්බර් 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.



අදහස් (10)

සඳහිරු සෑයට කොත් පළඳවයි

සෙනෙවිරත්න Monday, 08 November 2021 01:59 PM

විශාධිය තියෙන අයට හොඳයි වැඳ වැඳ ඉදල ඒකෙන් ගැලවෙන්න. රටට සත පහක වැඩක් නැති වැඩ. ඔව හැදුව කියල මේ අපලෙන් ගොඩයන්න බැහැ මේ පවුල එල වනතුරු

:       15       51

anura Monday, 08 November 2021 02:25 PM

සෙනෙවිරත්න, මේ කියන සඳ හිරු සෑය අපේ මුළු රටටම මහා ශාපයක් බව මමත් අසා තියෙනවා. ඔය සෑයට මුල් ගල තැබූ දවසේ , ඒ ස්ථානයේදී සිදුකල මහා අපරාධයකින් ඒ ශාපය පටන්ගත්තාලු.ඒවගේම මෙය හදන්න මුල්වුණ සියලු දෙනාම අවාසනාවන්ත ලෙස විනාශ වෙනවාලු.

:       10       44

කිරි පුතා Monday, 08 November 2021 02:52 PM

අතීතයේ සිටම රජවරුන් රට පුරා වෙහෙර විහාරස්ථාන ගොඩ නැගූ හෙයින් අදටත් අපි ඒවා දැක බලා වැඳපුදා ශ්‍රද්ධාව උපද්දවා කුසල් සිත් ඇති කරගන්නෙමු. සඳ හිරු සෑයත් ඒ අතරටම එක්වේවි... මහා පණ්ඩිතයින් ලෙස විකාර, මනස්ගාත සිතසිතා අකුසල් වඩවා ගැනීමත්, සැදැහැ සිතින් කුසල් උපදවා ගැනීමත් තමතමන්ගේ කාර්යයකි. උපදනා කුසල් හෝ අකුසල් රැගෙන යන්නේ තම තමන්මයි..

:       10       11

RaveendraMonday, 08 November 2021 06:35 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප වගාකරන දෙවල්මනේ අප නෙලා ගන්නෙත්. නියඟලා වගාකර කොඩොල් අල අස්වැන්නක් කිසිසේත් ලබාගැනුමට නොහැකිය. තමන් උපන් තමන්ගේ මාතෘභූමියේ ඉතිහාසය, සංස්කෘතිය, ආගම ගැන කිසිදු හැඟීමක් නැත්තේ ළදරුවන්ට පමණයි. එවන් දරුවන් ක්‍රමයෙන් වැඩෙන කොට තම දෙමාපියන්ගෙන් මෙන්ම පාසලෙන් ඒ පිළිබඳව දැනුම මෙන්ම ඒවා අරක්ෂාකළ යුතුයි යන්න තම හිතට ගන්න බව නොරහසකි. වයසින් මුහුකුරා යන්න යන්න උපන් රට පිළිබඳව කිසිඳු අවබෝධයක් නැතිව "වාචාලයන්" සේ අදහස් ප්‍රකාශ කරන්නේ "මන්ද මානසිකත්වයකින්" පෙලෙන මිනිසුන් බවත් නොරහසකි. එලෙසම මෙවන් මිනිසුන් තමාගේ රට පාවදිමටද කිසිදු චකිතයක්වත් නොදක්වන දේශද්‍රෝහීන් බවත් සඳහන් කරන්නෙමු.

:       1       1

ටිකිරා Monday, 08 November 2021 03:30 PM

දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හදනකොට මේ ගොබ්බයො හිටියනම් මොනවා නොකියයිද . හැම දේම වරදක් මයි දකින්නේ. පව් උඹලා. කව්රු කෙරුවත් හොඳ දෙයක්. අනේ සාධු.

:       4       10

යෝගා Monday, 08 November 2021 04:03 PM

ඒකටත් ඊර්ෂ්‍යා කරන්න එපා. චෛත්‍යය ගොඩනැගීම පිනක් මිස කිසිදා සාපයක් නොවේ...

:       3       7

SUNIL MILANO Monday, 08 November 2021 04:27 PM

කොහොමත් ජෙප්පෝ කියන්නේ රට විනාශ කරන කාලකණ්ණි අපතයින් ටිකක්.. ජාතියක්, ආගමක් නැහැ. ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් කියන්න කොන්දක් නොතිබුණු එළොවටත් නැති, මොලොවටත් නැති, ජාතියක්, ජන්මයක් නැති කට්ටියක්..

:       3       4

SUNIL MILANO Monday, 08 November 2021 04:33 PM

සාදු..! සාදු...! සාදු...! බුදුදහම මුලුමහත් ලෝකයේම බලපෑවා... මේවා චෛත්‍ය ගොඩනැගීමට දායක වූ, නොවූ සියලු දෙනාටම මෙත් සිත පහළ වේවා.. අජරාමර උතුම් වූ නිවන් සුව සාක්ෂාත් වීමට හේතුවාසනා වේවායි මාගේ එකම පැතුමයි... බුදුසරණයි..!!!

:       2       4

jayasekara Monday, 08 November 2021 04:43 PM

සිංහල ලේ, පරංගි ලේත් එක්ක එකතු වුණාම ඔහොම පරම්පරාවක් හැදෙනවා. අඳුරේ අතපතගාන බෞද්ධයෝ... දැකලා සාදු සිතින් අනුමෝදන් වෙමු... දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. චිරාත් කාලයක් දාගැබ් වහන්සේ සුරැකේවා...

:       2       2

chithranjan - polonnaruwa Monday, 08 November 2021 04:57 PM

ඔය සෑයට මුල්ගල තියපු දවසේ රෑ එතනට කඩා පැනපු ඇතෙකුට එතනදීම වෙඩි තියලා මරා දැම්මා. මුල්ගල තියන වෙලාවේ නිධන් කරපු රත්තරන් කොටින්ගෙන් අල්ලා ගත්ත රත්තරන්. තවත් මොන කතාද ඒ ශාපම ඇති රට විනාශ වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 586 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site