(කාංචන කුමාර ආරියදාස)
වගාවන් රැසකට හානි කරන "සේනා" දළඹු විශේෂය මර්දනය කිරීම සඳහා දහයියා පිලිස්සු අළු වගාබිම්වලට ඉසීම කළ හැකි බව සොබාදහම් ගොවිපලේ නිර්මාතෘ පරිසරවේදී තිලක් කන්දෙගම මහතා අද (23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල "සේනා" නැමති ආක්‍රමණික දළඹුවෙක් නිසා ගෝවා වගාව බඩ ඉරිගු වගාව ආදී බෝග වගාවන් රැසක් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේ ය.
මෙම දළඹු විශේෂය මීට වසර දෙකකට ඉහත දී මෙරටට පැමිණි දළඹු විශේෂයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට මේ වනවිට ගොවීන්ට විශාල හානිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන වකවානුවක හෝ ඊට නිසි විසඳුම් යොදන්නේ නැති බවද හෙතෙම සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වනවිට මෙම දළඹු විශේෂ පිරිමි සතුන් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එය අසාර්ථක වැඩපිළිවෙලක් බව ද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම දළඹු වන් අළු වලට දැඩි බියක් මෙන්ම අප්රියාවක් පළකරන බවත් උදෑසන 7 වන විට දහයියා පිලිස්සු අළු සති දෙකක පමණ කාලයක් වගාවට යෙදවීම සිදු කළහොත් මෙම දළඹු විශේෂය ගොවිබිම් වලින් පලා යන බව හෙතෙම කියා සිටියේ ය.
මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය යොමුකොට ගොවීන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බවත් විශේෂයෙන්ම මෙරට වී මෝල් වල දහයියා පිලිස්සු අළු ඕනැතරම් පවතින බවත් ඒවා ගොවීන්ට ප්‍රවාහනය කර දීම පමණක් සිදුකළ යුතු බව තිලක් කන්දෙගම මහතා අවධාරණය කළේය.
(සේනා දළඹුවාගේ ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘සේනා‘ දළඹුවා මර්දනයට දහයියා පිලිස්සු අළු