IMG-LOGO

සිනොවැක් එන්නතටත් ඖෂධ අධිකාරියේ අනුමැතිය

 

(සුජිත් හේවාජුලිගේ)

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද (16) අනුමැතිය ලබා දුන්නේය.

මේ අනුව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති සියලුම එන්නත්වලට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අංශ විසින් ඖෂධ නියාමන අධිකාරියට මෑතකදී අදාල ලියකියවිලි ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති කොරෝනා එන්නත් සංඛ්‍යාව හයකි.

 



අදහස් (6)

සිනොවැක් එන්නතටත් ඖෂධ අධිකාරියේ අනුමැතිය

Bamunuarachchi Friday, 16 July 2021 06:19 PM

කැනඩාව පිළිගන්නේ නැහැ කියන ආරංචියක් තිබෙනවා. මෙහෙන් එන්නත් දෙකම ගහගෙන ගියත් එහෙ සති 2 ඔවුන් කියන හෝටලයක නිරෝධායනය වෙන්න ඕනෙලු. අපිට ගෙවල් තිබෙනවා... අපි මොකටද හෝටල් වල නිරෝධායනය වෙන්නේ?

:       23       5

Sam Friday, 16 July 2021 07:59 PM

ස්පුට්නික් ගහපු නුවර අයට දෙවෙනි මාත්‍රාව නැතිද? එ්කට විකල්ප තියෙනවද?

:       0       0

සත්‍යය Friday, 16 July 2021 11:22 PM

සයිනොෆාම් තරම්වත් හොඳ යයි අනුමතයක් නැති මෙවැනි එන්නත් ලබාගෙන ඇති අයවලුන් තවත් ලෙඩේ පැතිරුවොත් වගකියන්නේ කවුද? අපේ රටින් පිට රටකට සල්ලි යවන්න ඕනේ වැඩක් ඇති දේකට නොවේද?

:       0       1

bandara Saturday, 17 July 2021 01:22 AM

ඇත්ත. කැනඩාව දැනට එන්න දෙන්නේ කැනඩාවේ පුරවැසියන්ට සහ ස්ථීර පදිංචිකරුවන්ට විතරයි. නිරෝධායනය නොවී එන්න නම්, කැනඩාවේ අනුමත බේත් වලින් එකක් විදලා තියෙන්න ඕනෑ. ගොඩක් රටවල් නීතිය එහෙමයි. ලංකාවේ ඉතින් බේත් විදින්නේ ලෙඩෙන් බේරෙන්න මිසක් කැනඩාවේ යන්න නෙවෙයි නිසා ප්‍රශ්නයක් නෑ.

:       1       0

Sri Lanka Saturday, 17 July 2021 02:42 AM

පිටරටදේ සිරි සැප දේ කිව්වලු... ජයවේවා..!!! 

:       0       1

Demuni Uduwara Saturday, 17 July 2021 03:10 AM

ඒකත් අැ.ඩොලර් 15ක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 156 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site