දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පැවසේ.

මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලත් මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව කියයි.

වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් විය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
(16844)