IMG-LOGO

සන්ධානය පිහිටුවන්න සජිත් - රනිල් එකඟ වෙති

(අංජුල මහීක වීරරත්න)
 
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය පළ වී ඇත.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද(08) සාකච්ඡා කළහ.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ නායක, අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත බාරදුන් පක්ෂයේ සංශෝධන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට පියවර ගෙන තිබුණි.
 
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් සංධානයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කර අවසන් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අගෝස්තු මාසයේදී පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කරනු ලැබීය.



අදහස් (7)

සන්ධානය පිහිටුවන්න සජිත් - රනිල් එකඟ වෙති

kamal Thursday, 08 August 2019 11:49 AM

අනේ රටට සේවය කරන්න මේ උත්තමයින් මොන තරම් මහන්සි වෙනවද?

:       2       12

ලපයා Thursday, 08 August 2019 12:57 PM

මොන සංවිධාන හැදුවත් අන්තිමට අබ සරණයි මේ පාර. නැද්ද හා.

:       2       55

athuraFriday, 09 August 2019 04:42 AM

මතකනේ ගියපාරත් එක්කෙනෙක් දිනන්න ඉස්සෙල්ලා දිනලා හිටියා...

:       0       0

පුරවැසියා Thursday, 08 August 2019 04:28 PM

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය රටටත් ජනත්වටත් මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය අලුත්ම අලුත් මුහුණුවරකින් ඉදිරිපත්වන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ලංකාවේ මෙතෙක් ජනාධිපතිවරයකු ලැබූ ඉහලම ජයග්‍රහනයකින් ජය ගැනීමේ පළමු පියවර නොවේද

:       8       5

uv priyantha lalum sangiwaa Friday, 09 August 2019 01:04 AM

සජිත් ප්‍රේමදාස වැනි නායකත්වයක් අප රාජාංගනය ජනතාව හැටියට බලාපොරොත්තු වී සිටියා.. සිටිනවා.. ඔබගේ ගමන්මග වෙනස් කළ නොහැක. අන් වෙන කිසි කෙනෙක්ට ඔබ ඔබගේ පියාණන් රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාණන් ගත් තුනෙන් දෙකේ බලය ඉක්මවා යාමට ඔබට හැකිවේවා... ඔබයි අපගේ නායකත්වය.. ඔබට ජය නියතයි බුදු සරණයි.

:       12       19

isuru Friday, 09 August 2019 08:54 AM

සජිත් අගමැති, රනිල් ජනාධිපති... ජයවේවා!!! 

:       35       2

බි.ජි.කමල් Friday, 09 August 2019 03:07 PM

රටත්, ගමත් හදන්න නම් සජිත්ට බාරදෙන්න... අපේ පැතුම එයයි.

:       49       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site