( එම්.සුසිල් ප්‍රියන්ත)
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් බටපොළ කහටපිටියේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ සූදු පොළක් වටලා එහි සූදු කෙලිමින් සිටි නව දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ(29) මධ්‍යම රාත්‍රියේදී පමණ මේ සූදු පොළ වැටලූ බවත් එහි සූදු කෙලිමින් සිටි සැකකරුවන් නව දෙනාම මුහුණු ආවරන පැලද නොසිටි බවත් පොලීසිය කියයි.
නීරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම,නීරෝධායන මර්ධන නීති උල්ලංඝනය කිරීම,මුදලට සූදු කෙලීම යන චෝදනා ගොනු කොට සැකකරුවන් නව දෙනාට එරෙහිව බලපිටිය අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කල බවද පොලීසිය කියයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
සූදු පොළක් වටලා 9ක් අත්අඩංගුවට