IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


සාදයේ ගමන මරණයෙන් කෙලවර වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා)

උපන්දින සාදයකට සහභාගි වී එකම පවුලේ පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ල  කොළඹ මාර්ගයේ කොරළවැල්ල ප්‍රදේශයේදී  විදුලි කණුවක ගැටීමෙන් මව මියගොස් දරු තිදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි එගොඩඋයන පොලීසිය කියයි. 

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව සමන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි සසානි ශාලිකා කෝට්ටගේ  41 තිදරු මවයි. අනතුර සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

මිතුරකුගෙන් ඉල්ලාගත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් කළුතර ප්‍රදේශයේ පැවති උපන්දින  සාදයකට සහභාගි වූ ඔවුන්    යළි මොරටුව නිවස කරා පැමිණෙමින් සිටියදී  මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 17 කට අධික දුරක් පදිකවේදිකාව දිගේ ඉදිරියට ධාවනය වී විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .

සිදුවූ අනතුරෙන් මෝටර් රථයේ පිටුපස ගමන්ගත් වයස අවුරුදු 8 ,13 හා16 වයස් සීමාවල පසුවන මියගිය කාන්තාවගේ  දියණියන් තිදෙනා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියකු පැවැසීය .

අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ඇති අතර ඔහුගේ  නල්ලට මැහුම් 8 පාදයකට මැහුම්  4 යොදා ඇතැයි පොලිසිය කියයි .

සාදයට සහභාගි වීමට පෙර දින අලුයම තුනට සේවයට ගිය ඔහු කිසිදු විවේකයක් නොලබා සාදයට සහභාගි වී තිබූ බව පොලීසිය සිදුකළ පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

මියගිය කාන්තාවගේ මෘත ශරීරය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඊයේ දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් පැවැත්වීමට නියමිතව තිබිණි .

එගොඩඋයන පොලීසියේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩි එන් ආර් සොයිසා  පොලිස් කොස්තාපල් 61808 අරුණසිරි මහත්තුරු පරීක්ෂණ පවත්වයි 

 



අදහස් (1)

සාදයේ ගමන මරණයෙන් කෙලවර වෙයි

වීරවිජේ Wednesday, 09 March 2022 12:09 PM

කාලකන්නින්ට බොන්න තිබුනොත් ඇති...

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1391 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site