IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සති දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 32 ක් මිලදී ගෙන

(ඉන්දිකා රාමනායක)

සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් සහ සාධාරණ මිලකට  ගොවීන්ට වී මිලදී ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ සම්බන්ධීකරණය යටතේ ගත වූ සති දෙකක කාලය තුළ  වී  අලෙවි මණ්ඩලය  ගොවීන්ගෙන්  වී කිලෝ 32,68,600 ක  ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩිම වී ප්‍රමාණයක්  මිලදී ගෙන ඇත්තේ  නැගෙනහිර පළාතෙන් වන බවත්  නැගෙනහිර ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහය මත වී කිලෝ 18,88,950 ක්  ප්‍රමාණයක් මිලදී ගෙන ඇති  බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහයෙන්  වව්නියාව   ප්‍රදේශයෙන්  වී කිලෝ 870,350 ක් මිලදී ගෙන ඇති අතර  ඉතිරි වී කිලෝ 509,350 ක  ප්‍රමාණයක් බස්නාහිර, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයන්ට අයත් ප්‍රදේශ වලින්ද මිලදී ගෙන ඇති  බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙතෙන් මිලදී ගත්  මුළු වී තොග අතරින්  සම්බා කිලෝ ග්‍රෑම් 1,196,950 ක් සුදු නාඩු කිලෝ ග්‍රෑම්  1,436,00 ක්  පවතින  බවත් වී අලෙවි මණ්ඩලය මෙතෙක් මිලදී ගත් වැඩිම වී ප්‍රභේද මිලදී ගැනීම මෙය  වන බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

වී අලෙවි මණ්ඩලයට අයත් පාවිච්චි කළ නොහැකි තත්වයේ පවතින ගබඩාවන් 38 ක් මේ වෙනුවෙන්ම යුද හමුදාව අලුත්වැඩියා කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 



අදහස් (4)

සති දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 32 ක් මිලදී ගෙන

Ananda Tuesday, 11 February 2020 11:26 PM

මෙම ක්‍රමයම අනුගමනයකර අතරමැදියන්ගේ මාපියාව බිඳ දමන්න. පාරිභෝගිකයාටද සාධාරණ මුදලකට සහල් ලබාදෙන්න.

:       0       36

Pradeep Wednesday, 12 February 2020 02:45 AM

ඕනෑම වැඩකට හමුදාව මැදිහත් වුනානම් ආය ඉතින් බලන්න දෙයක් නෑ. කොල්ලෝ ටික වැඩේ දීල ඇති නියමෙට. විශිෂ්ටයි හමුදා නිලධරයිනි..

:       0       43

Karl Wednesday, 12 February 2020 08:30 AM

නියමයිනේ! කතාවක් නැහැ වැඩ විතරයි.

:       1       24

de silva berlin Wednesday, 12 February 2020 08:35 AM

ඔය මිලදී ගත්ත කියන වී ටික සහල් කර වෙළඳ පොලට නිකුත් කරන්න ප්‍රමාද මොකද ? වෙළඳපලේ සහල් මිල ඉතා ඉහලය .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1061 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site