IMG-LOGO

සති අන්ත නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක්

(මහින්ද නිශ්ශංක)

ලබන 9 දා සිට දින හතරක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.

තෛපොංගල් උත්සවය හා සති අන්ත දිර්ඝ නිවාඩු වෙනුවෙන් මගීන්ගේ පහසුව සඳහා යොදවා තිබෙන මෙම විශේෂ දුම්රිය ලබන 9,10,12 හා 14 දිනවල ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.

කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.35 ට ද බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.30 ට පිටත්වීමට නියමිතය.

මෙම දුම්රිය සඳහා කලින් ආසන වෙන් කිරිමේ පහසුව සලසා තිබේ.

 



අදහස් (4)

සති අන්ත නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක්

sampath Friday, 03 January 2020 02:05 PM

කොයිතරම් දැම්මත් මනුස්සයෙක්ට ආසනයක් වෙන් කරවන ගමනක් යන්න බෑ.. කොයිවෙලේ ඇහුවත් කියන්නේ අාසන නෑ කියලා... මාස 3කට කලින් ඇහුවත් නෑ කියනවා. එ්ත් අාසන හිස්ව තියන් කෝච්චිය හැමදාම යනවා. මේවා කාගේ වැරැද්දද කියලා හිතාගන්න ඕනේ නැහැ. පුද්ගලික මැදිරි දෙකක් හැම කොච්චියටම අමුණන්න කාටවත් ප්‍රශ්නයක් නැහැනේ...

:       1       302

අනාත නොවු අනාතයා Friday, 03 January 2020 03:23 PM

සහතික ඇත්ත. ආසනයක් වෙන්කරගන්න 17 කාමරයට ගියාම බිත්තියේ එල්ලලා තියෙන බුකින් ලෑල්ල පෙන්නනවා ඒකේ මුලු මාසයම බුකින්. අපට ගණන් දවසක්වත් නෑ. ආයේ හෙට ගියත් හෙට ඉඳලා එන මාසයම බුකින්. මේවා බොරුනෙමේ අත්දැකීම්. අනිත් අතින් රේල්වේ එක පාඩුලු... අපිට ඒවා තේරෙන්නේ නෑ..

:       1       147

Ranjan Saturday, 04 January 2020 11:31 AM

පුද්ගලික සමාගමෙන් මේ පගාව අරගෙන කියනවා සීට් නැහැ කියල වාඩි වෙලා යන්න ඕනේ මගීන් මේ පුද්ගලික මැදිරි වල ඉතාම වැඩි මුදලට ටිකට් ලබා ගන්නවා.මේ පුද්ගලික මැදිරි ජාවාරම අනවශ්‍ය දෙයක්.

:       0       0

sampath Saturday, 04 January 2020 11:40 AM

සෑම ආයතනයකම මුහුණු දෙකක් තියෙනවා. එකක් හොද මුණ. ඒක ලොකු ම මිනිස්සුන්ට, මැති ඇමතිවරුන්ට. ඔවුන් සුරඟන ලෝකයක් මවා පාලා සංඛ්‍යා දත්ත ඉල්ලකම් වලින් ලොකු චිත්‍රයක් මවනවා. අනෙක් මුණ ඇත්තටම සිද්ධවෙන දේ. ඒක අත්විදින්නේ සාමාන්‍ය ජනතාව සහ ආයතනයේ වැඩ කරන සේවකයන් එතකොට මේ දෙපාර්ශවයන් කවදාවත් එකට මුණ නොගැහෙන යාන්ත්‍රණයක් හදල තියෙන්නේ. ඒ නිසා හැමදාම රට අදුරේ. මේ පරතරය බිදලා සංඛ්‍යා දත්ත ත්‍රස්තවාදයෙන් ඇමතිවරු නිදහස් උනොත් රට හදන එක සිම්පල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site