IMG-LOGO

සත්ව ආහාරයට යැවූ කිරිපිටි යළි පැකට් කර වෙළෙඳපොලට යැවීමේ ජාවාරමක්

( පුෂ්පකුමාර  මල්ලවආරච්චි)


සත්ත්ව ආහාර ලෙස ලේබල් කර ඉවත් කරනු ලැබූ කිරිපිටි කිලෝ ග්‍රෑම් 15,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලද කිරිපිටි ලෙස යලි පැකට් කර වෙළෙඳපලට යැවීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.

 

පසුව එම කිරි පිටි පැකට් 2250 ක් ඇතුලුව කිලෝ ග්‍රෑම් 15,000 කට ආසන්න ප්‍රමාණය වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ් අංශ නිලධාරීන් හෙලිකරගත් තොරතුරු අනුව එහි අණ දෙන නිලධාරි එම්.ආර. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය කොළඹ කඳවුරේ නිලධාරී පිරිසක් ඊයේ 4 සවස වේවැල්දෙණිය පැණිහෙල ප්‍රදේශයේ කිරිපිටි ගබඩාව සහිත නිෂ්පාදනාගාරය වැටලීය.

අයර්ලන්තයේ නිෂ්පාදනය කළ බව සදහන්  කිරි පිටි පැකට් 2250 ක් හා විශාල ඇසුරුමක තිබූ කිලෝ 14000 ක් පමණ ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. විශාල කිරිපිටි ඇසුරුමේ ඒවා සත්ත්ව ආහාර ලෙස ඉවත් කළ බවට සටහන් වන බවටද විශේෂ කාර්ය බලකාය සදහන් කළේය.

වේවැල්දෙනිය ප්‍රදේශයේ කාන්තාවකට අයත් මෙම ගොඩනැගිල්ලේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙම ජාවාරම  කරගෙන යනු ලැබ ඇතැයි අනාවරණයවූ අතර කිරිපිටි පැකට් කිරීමේ යෙදී සිටි කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.  නිවස හිමි කාන්තාව ණයකට හිලව්වක් වශයෙන් තම නිවස ඇතුලු ගොඩනැගිලි කොළඹ ව්‍යාපාරිකයා වෙත ලබා දී ඇති බවද හෙලිවී ඇති අතර ව්‍යාපාරිකයා ගෙනවිත් දෙන සත්ත්ව ආහාර සදහා වන කිරිපිටි මෙහිදී විදේශයෙන් ගෙන්වූ ඒවා ලෙස ඇසුරුම් කර යලි කොළඹට යවා ඇති බවද පරීක්ෂනයේදී හෙලිවී තිබේ.

අදාල කිරිපිටි තොගය හා සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත බාරකරනු ලැබූ අතර එම කිරිපිටි තොගය, යන්ත්‍ර සූත්‍ර ඇතුලු ගබඩාව ඊයේ 4 රාත්‍රි  මුද්‍රා තබනු ලැබීය. මෙම මස 7 වැනිදා සැකකරුවන්ට එරෙහිව තුල්හිරිය අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.



අදහස් (16)

සත්ව ආහාරයට යැවූ කිරිපිටි යළි පැකට් කර වෙළෙඳපොලට යැවීමේ ජාවාරමක්

Amila Saturday, 05 January 2019 05:26 AM

මේක ඇත්ත නම් අර චීනේ කරා වගේ මරන දඩුවම දෙන්න ඔන

:       0       0

ආනන්ද පිටබැද්දර Saturday, 05 January 2019 05:29 AM

මනුුස්සකම් ‌කොහෙ ගිහිල්ලද?

:       0       32

sandy123Saturday, 05 January 2019 01:15 PM

සල්ලි වලට විකිණිලා.

:       0       0

isurandi Saturday, 05 January 2019 05:59 AM

අපේ රටේ එවුන්ට වැඩි ආයුෂ නැත්තේ එ්කයි.

:       0       52

Raveendra Saturday, 05 January 2019 06:57 AM

මුදල් වෙනුවෙන් තමන්ගේම රටේ මිනිසුන්ට ජරාව කවන්න තරම් අපේ මිනිසුන් පහත් තත්වයට පත්වෙලා නොවේද?

:       0       70

jayath Saturday, 05 January 2019 07:56 AM

ලංකාවේ අපේ හරක්ගෙන් (වරද්දගන්න එපා දියවන්නාවේ නෙමෙයි.., අඹේවෙල පැත්තේ සහ මොනරාගල පැත්තේ) හරක්ගෙන් හදන "අපේම කිරි, නොබී පිටරට ඒවා බොන" මෝඩයින්ට " ඕවම තමයි දෙන්නේ ඕන..

:       0       1031

රාජුන් Saturday, 05 January 2019 10:14 AM

චීනා ලෝකෙටම වස කවනවා. එ්ක වෙනම කතාවක්... නමුත් මේ වගේ අසමජ්ජාති තකතිරු වැඩක් චීනෙදි කරලා අහුවුනොත් නිසැකයෙන්ම වෙඩි තියල මරණවා.

:       0       35

රවින් Saturday, 05 January 2019 10:21 AM

මෙවැනි ප්‍රශ්න විසඳිය යුතු හොඳම ක්‍රමය නම් හොයා ගත්තු සියලු තොග ඔය වෙළෙන්දා හා ඔහුගේ ලඟම නෑයින් හට, වැඩ කරන සේවකයින් ලවාම පානයක් ලෙස හා කෑමට මුසුකර පරිභෝජනයට සැලැස්වීමයි. එතකොට සේවකයිනුත් දන්නවා මේවගේ කාලකන්නි ළඟ වැඩට නොයායුතු බව.

:       0       23

වීර Saturday, 05 January 2019 10:47 AM

මෙහි වෙළද නාමය පෙන්වීම ගැන ඔබට බොහොම ස්තුතියි. අද දහවල් 12.00 පුද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වූ මෙම පුවතේ හොර කිරිපිටි පැකට්ටුවේ වෙළද නාමය මැකෙන සේ කොටු දමා තිබුණා. පුවත් ප්‍රචාරය කලයුත්තේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමටද? නැත්තම් වැදගත් තොරතුරු වසන්කර වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමටද?

:       0       513

Raveendra Saturday, 05 January 2019 10:52 AM

jayath මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම හාස්‍යජනක වුවත් ඔබ පවසා ඇත්තේ ඉතාම නිවැරදි දෙයකි. දියවන්නා ඔයේ ඉන්න 225 ක් වූ ගවයන් සියල්ලන්ම ලොම් හැලුණු ගවයන් බැවින් රටටත් වැඩක් නැති එම ගවයන්ටත් වැඩක් නැති තිරිසනුන් බවත් කිවයුතුයි...

:       0       56

nihalSaturday, 05 January 2019 06:19 PM

අපගේ උතුම් ගවයින්ට දියවන්නාවේ හරක් සමානකිරීමෙන් අපේ ගවයින්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වනබව කරුණාවෙන් සලකන්න.

:       0       0

විජිත් Saturday, 05 January 2019 06:36 PM

රවින්ද්‍ර මල්ලි, ඔය ජයත් මල්ලි කීව දියවන්නාවේ ඉන්න නාකි, බඩ තඩි හරක්ටයි එහෙ ඉන්න වැස්සියන්ටයි වෙන වැඩක් නැහැ අපේ " ලේ "බොන එක හැර. මසටවත් විකුණන්න බැහැ. මොකද ...දියවන්නාවේ ඉන්න අයගේ මස් " විෂ "සහිතයි. ඒවා අපි කෑවොත් අපිත් ඉවරයි ... අපිත් "නොමිනිසුන්" වෙනවා.

:       0       0

RaveendraSunday, 06 January 2019 01:01 PM

nihal මයා වෙත, ඇත්තෙන්ම මා විසින් අහිංසක සත්ව කොටසක් වන ගවයන්ට අපහාස කර ඇති බැවින් සියල්ලන්ගෙන්ම සමාව අයදිමි. දියවන්නා ඔයේ පාදඩ හරකුන්ට අහිංසක ගවයන් සමාන කිරීම කොහෙත්ම සුදුසු නැත,

:       0       0

RaveendraSunday, 06 January 2019 01:01 PM

නිහාල් මයා වෙත, ඇත්තෙන්ම මා විසින් අහිංසක සත්ව කොටසක් වන ගවයන්ට අපහාස කර ඇති බැවින් සියල්ලන්ගෙන්ම සමාව අයදිමි. දියවන්නා ඔයේ හරකුන්ට, අහිංසක ගවයන් සමාන කිරීම කොහෙත්ම සුදුසු නැත.

:       0       0

raheem Saturday, 05 January 2019 02:21 PM

මේක කරන කෙනා කුඩුකාරයෙක් කරන විනාශයට වඩා රටට විනාශයක් කරන්නේ... මේවා වෙළඳපොලට ගියාම මිලට ගන්නේ ගෙවල්වල ඉන්න දරුවන්ට දෙන්න. මේ අයට හෙනම ගහන්න ඕනෑ..

:       0       1

Nihal Saturday, 05 January 2019 04:41 PM

චීනේනම් වෙඩි තියලා මරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 235 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 759 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1181 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site