(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත මෙරට මරණ සංඛ්‍යාව ඊයේ (9) දිනයේදී 801ක් දක්වා ඉහළ ගිය අතර ඉකුත් සතියක කාලයේදී පමණක් මරණ 105ක් වාර්තා වී තිබේ.
මෙරට කොවිඩ් ආසාදිත700 වැනි මරණය වාර්තා වූයේ ඉකුත් 3 වැනිදා වන අතර එදින සිට ඊයේ (9) දක්වා ගතවූ සතියක කාලයේදී පිළිවෙලින් දිනපතා මරණ 13ක්, 11ක්, 14ක්, 11ක්, 19ක්, 22ක් සහ 15ක් වශයෙන් මරණ 105ක් වාර්තා විය.
මෙරට කොරොනා ආසාදිත පළමු මරණය වාර්තා වූයේ පසුගිය වසරේ මාර්තු 28 වැනිදා වන අතර 100 වැනි මරණය වාර්තා වූයේ එම වසරේ නොවැම්බර් 27 වැනිදාය.
ඒ අනුව පළමු මරණ සියය වාර්තාමට මාස 8ක කාලයක් ගතවූ අතර 200 වැනි මරණයේ සිට 300 වැනි මරණත්, 300 වැනි මරණයේ සිට 400 වැනි මරණයත් වාර්තා වූයේ මසක පමණ කාලයක් ඇතුළතය.
ඊට අමතරව 300 වැනි කොවිඩ් ආසාදිත මරණයේ සිට 400 වැනි මරණය වාර්තාවීමට ගතවූ කාලය දින 18ක් වන අතර 400 වැනි මරණයේ සිට 500 වැනි මරණය වාර්තාමට දින 21ක් ගත විය.
මෙරට 600 වැනි කොරෝනා මරණය වාර්තා වූයේ 500 වැනි මරණය වාර්තා වී මාසයකුත් සතියක පමණ කාලයකින් වන අතර එතැන් සිට 700 වැනි මරණය වාර්තාවීමට දින 20ක පමණ කාලයක් ගතවිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සතියට කොරෝනා මරණ සියය පනී
Aba Monday, 10 May 2021 08:10 AM
අපි බෙහෙත් විදින්නෙ නැතුව මරණ ගණන් කරමින් ඉමු.
siri Monday, 10 May 2021 08:35 AM
අද සවස කැබිනට් රැස්වීමේදී "රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් ඇති නොවන අයුරින් මුළු රටම වසා දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇති බවත් කෘෂිකර්ම, ධීවර සහ අපනයන කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යමින් සිල්ලර වෙළඳසැල් සහ ඖෂධ වෙළඳසැල් ද විවෘතව පවත්වා ගනිමින් කටයුතු කිරීමට" යෝජනා වී ඇතිබවයි කියන්නේ.